Thursday, July 14, 2016

සුභ උදැසනක් .........

  ජිවිතේ විවිධ අවස්ථාවන් තියෙනවා අපි ඉපදිලා මැරෙන තුරාවට අපි පසු කරගෙන යන. සමහර ජිවිත අවස්ථා සියදහස් ගණනක් පසු කරනවා. තවත් වෙලාවකට අපිට ජිවිතේ ගත කරන්න වෙන්නේ ඉතාමත් සුළු කාලයක්. මම මේ කියන්න හදන්නේ ඒ වගේ සුළු කාලයක් ජිවිතේ ගෙවපු කෙනෙක් ගැන නෙමෙයි. ජිවිතේ සිය ගණනක් අවස්ථා පසුකරගෙන ආපු ආදරණීය අත්තම්මා  කෙනෙක්  ගැන. මම හිතන්නේ එයාගේ කටේ එක දතක්වත් නෑ . ඒත් එයාගේ  හිනාව ගැන කියන්න මට වචනත් නැති තරම්. මුළු කොන්ඩෙම සුදු පාට වෙලා. පුංචියට පුංචියේ පොඩි කොන්ඩ  ගෙඩියක් බැඳගෙන හැමදාම උදේට පාර  පුරා තියන මල් කඩන්නේ තනියම බුදු වෙන්න නම් නොවෙයි.ඒ එයා  තෝරගත්ත ගෙවල් කිහිපයකට මේ මල කලා දීල එයාලත් එක්කම මේ සසර ගමන කෙලවර කරගන්න. ඒ අත්තම්මත් එක්ක සසර ගමන කෙළෙවර කරගන්න යන ගමනේ සාමාජිකයෙක් තමයි  මමත්.මොකද අපේ ගෙදරටත් ඔය මල් පංගුව උදේම එනවා. ඒ විතරක් නෙමෙයි  මම උදේම ගෙදරින් පිටවෙලා එනකොට මගේ ඉස්සරහ මේ අත්තම්ම මල් කඩනවා දකින එක මගේ මුළු දවසම සුභ වෙන  ලකුණක් කියලි මම හැමවෙලේම හිතන්නේ.



  ඒ විතරක් නැමෙයි  ඒ අත්තම්මගේ දත් නැති  කට මට පෙන්වා සිනාසෙන විදියත් හරිම ලස්සනයි .  ' දුව නිරෝගී වේවා! // වැඩි වැඩියෙන් ලැබේවා !  එයාගේ කටින් වරදින්නේ නෑ . අනේ එහෙම කියන්නේ මගේ ඇතත් ඉඹල දෙයියනේ. සත්ති. ඉතින් මගේ ඇස වල කඳුළු  එනවද කියල අහන්නත් දෙයක්ද. මම අත්තම්මගේ කකුල අල්ලලා වැඳලා එතනින් එන්නේ අද මගේ වැඩ සාර්ථක වෙනවා වගේ අත්තම්මගේ අහිසක බලාපොරොත්තු, ප්‍රාර්ථනා  සියල්ලම ඉෂ්ට වෙලා සතුටින් ඉන්නට හැකි වෙන්න කියල ප්‍රාර්ථනා කරලම තමයි.

No comments:

Post a Comment