Sunday, August 28, 2016

අපරාධ සහ සියදිවිනසා ගැනීමට රූපවාහිනී හා පුවත්පත් හි  බලපෑම 

ලෝක සමාජ සංස්ථාව පිළිබ`ද කරුණු විමසීමේදී මානවීය සත්ත්වයාගේ යුගයෙන් යුගය වර්ධනීය තත්ත්වයට පත් විය. ඒ අනුව නව සොයාගැනීම් ඔස්සේ ගිය මානවයා විසින් තාක්ෂණික ප‍්‍රයෝගයන් විමර්ශනය කර ගැනීමට සමත් වන ලද’. එහි බලපෑමින් මුද්‍රණ තාක්ෂණයත්, රූපවාහිනී තාක්ෂණයත් වර්ධනය වූ අතර නවීන ලෝකය පුරාම දැන් ඒවා ආක‍්‍රමණය කොට අවසන්ය.
මෙලෙස නවීන ලෝක තාක්ෂණික ප‍්‍රයෝග නිසාවෙන් සමාජ සම්මතයන් වෙනස් වී ඇති බැවි සත්‍යයකි. ඒ අනුව උක්තීය පූර්වෝක්ත විස්තරයට අනුව අපරාධ හා සියදිවිනසා ගැනීම යන්න සමාජය තුළ වර්ධනීය තත්ත්වයට පත් වී තිබේ. එකී සමාජීය විෂමතාවන් තාක්ෂණික ප‍්‍රයෝග යටතේ ජනතා ගත කිරීමේදී රූපවාහිනිය හා පුවත්පත් මාධ්‍ය මගින් ජනතාගත කරන අහිතකර බලපෑම කෙසේද යන්න මෙහිදී විමසා බැලීම සිදු වේ.
ඊට ප‍්‍රථමව සියදිවිනසා ගැනීම යනු කුමක්ද අපරාධයක් යනු කුමක්ද යන්න නිවැරිදි ලෙස අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

සමාජීය සත්ත්වයකු ලෙස මිනිසා සංකීර්ණ සමාජ යාන්ත‍්‍රණය තුළ ජීවත් වීමේදි යම් යම් බලපෑම්කාරී තත්ත්වයන්ට සම්බන්ධ වේ. පුද්ගලයා විශයෙහි සමාජීය හෝ ශාරීරික වශයෙන් පීඩාකාරි කරනු ලබන හෝ පීඩාකාරී කරනු ලබන බව විශ්වාස කරන තත්ත්වයන්ට සෘජුවම ප‍්‍රතික‍්‍රියාවක් ලෙසින් සියදිවිනසා ගැනීම යන්න සමාජගත වී තිබේ. මෙය සංකීර්ණ මානසික ක‍්‍රියාවලියකි. සියදිවිනසා ගැනීම සරලව අර්ථනය කරන්නේ නම් හුදෙක් එය තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින් නැති කර ගැනීමේ ක‍්‍රියාවලිය සියදිවිනසා ගැනීම ලෙස නිර්වචනය කළ හැකිය. විශේෂයෙන් ජීවිතයේ බලාපොරොත්තු නැති වූ අවස්ථා වල, මානසික ආතතිය, හීන්නෝන්මාදය වැනි මානසික රෝග තත්ත්වයන් නිසා සියදිවිනසා ගැනීම පුද්ගලයා විසින් අද සමාජයේ වැඩි වශයෙන් සිදු කරනු ලබයි.
එසේම මනෝ විශ්ලේෂණවාදයේ පියා ලෙස සැලකෙන ”සිග්මන් ප්‍රොයිඞ්” විසින් සියදිවිනසා ගැනීම අර්ථ දක්වන්නේ,
”පුද්ගලයකු වෙතින් වෙනත් පුද්ගලයකු වෙත එල්ල විය හැකි ආක‍්‍රමණකාරී සිතිවිල්ලක්, තමා වෙත යොමු කර ගැනීමේ මාරක ඇල්මක් සියදිවිනසා ගැසීමක් වේ.” යනුවෙනි.

කෙසේ නමුත් මෙම සංකීර්ණ මානසික ගැටුම්කාරී තත්ත්වය ස`දහා පුද්ගලයා විෂයෙහි ඉච්ඡුාභංගත්වය,පේ‍්‍රරණය හා චිත්ත වේග යන සාධකයන් බලපානු ලබන බැව් ස`දහන් වේ. එසේම සියදිවිනසා ගැනීම යන්න හුදෙක් පුද්ගලයා විෂයෙහි තත්ත්වයන් දෙකක් යටතේ නිර්මාණය වේ. එනම්,
නිව්රෝසියස්
සයිකෝසියස් වේ.
මෙහිදී අදහස් වන්නේ සියදිවිනසා ගැනීම යන්න පුද්ගලයාගේ උප්පති ජාන තුළ සිට පවා පැමිණිය හැකි බවයි. එසේම සියදිවිනසා ගැනීම ස`දහා පුද්ගලයා තුළ පවතින මානසික ආතතිය, ද්‍රව්‍ය/ෙඖෂධ අනිසි ලෙස භාවිතය, සූදු කෙලීම් ආදී ප‍්‍රශ්න, පේ‍්‍රම සම්බස්ධතාවන්, විවිධ සෞඛ්‍ය තත්ත්වයන්, ජනමාධ්‍ය, තාර්තනික තත්ත්වයන්, ව්‍යධී මානසිකත්වයන් ආදිය බලපෑම් කරනු ලබන බව සනාථනය කොට ගෙන තිබේ.

ඉහතින් ස`දහන් කරනු ලැබූ ආකාරයටම අපරාධයක් යන්නද ආර්ථනය කළ හැකිය. අපරාධයක් යන්න සරලව විග‍්‍රහ කිරිමේ දී ඉච්ඡුාභංගත්වය, මානසික රෝග, චිත්තවේග ආදි පුද්ගල අභ්‍යන්තරික ලක්ෂණයන් පමණක් නොව දිලි`දු කම, සමාජමය ගැට`ථආදී භාහිර සාධක ඉදිරියේ පුද්ගලයා හැසිරෙනු ලබන ආකාරය නිසා පුද්ගලයා විසින් සිදු කරනු ලබන යම් යම් නිනර්ථකාරී ක‍්‍රියාවන් අපරාධයක් ලෙස ස`දහන් කළ හැකිය.
එසේම අපරාධයක් යන්න සමාජයක් වශයෙන් පවත්නා අගයන් ධර්මතාවන් බි`දදමමින් සමාජ සම්මතයට පටහැනි චර්යාවන්හි නියුත්ත වීමද අපරාධයක් සේ දැක්විය හැකිය.සමාජ විද්‍යාත්මක ලෙස අපරාධය යන්න හ`දුන්වන්නේ සමාජ සම්මත ධර්මතාවන් විනාශ කරනු ලබන ක‍්‍රියාවන් වශයෙනි. මේවා පවත්නා සමාජ තත්ත්වයේ අපගමනය වූවක් නැතහොත් අපගාමී චර්යාවන් ලෙසද වැඩිදුරටත් සමාජ විද්‍යාවේ ස`දහන් කරනු ලබයි.
මේ ආකාරයට සමාජ සංස්ථවක් තුළ සිදුවන්නා වූ සමාජ අපරාධ හා සියදිවිනසා ගැනීම යන සාධක පිලිබ`ද අවබෝධයක් ලබා ගත හැකි අතර මෙකී සමාජ ක‍්‍රියාවන් ජනමාධ්‍ය අන්තර්ගතයේ ඇති රූපවාහිනිය හා පුවත්පත් මාධ්‍ය ම`ගින් මෙම සංසිද්ධි ජනතාගත තිරීමේදී සිදු කරනු ලබන බලපෑම්කාරි තත්ත්වය මින් අනතුරුව අධ්‍යයනය කරනු ලබයි. 
20 හා 21 වන සියවස තුළ ඉහතින් ස`දහන් කරනු ලැබූ අපරාධ හා සියදිවිනසා ගැනිමේ ප‍්‍රතිශතය ඉහල ගොස් ඇති බවට යම් යම් සමීක්ෂණ සාක්ෂි දරනු ලබයි. එනම් සමාජය තුළ විකෘති මානසිකත්වයක් වර්ධන වී තිබේ යන්නයි. අද නවීන තාක්ෂණය හා බද්ධ වී ජීවත් වන ජනතාව සෑම විටම සමාජමය තොරතුරු ලබා ගනු ලබන ප‍්‍රධාන වාහකයන් ලෙස රූපවාහිනිය හා පුවත්පත දැක්විය හැකිය. පුද්ගලයා සෑම විටම තොරතුරු පිපසයෙන් සිටිනු ලබන අතර එකී පිපාසිතභාවය සංසි`දුවනු ලබන්නේ නූතන ජන මාධ්‍ය තුළිනි. මෙම පූර්වෝක්තයට අනුව ජනමාධ්‍ය අතරින් පුවත්පත හා රූපවාහිනිය ජනයා සම`ග වඩාත් සමීප නිසාත් පහසුවෙන් ගෝචර වනු ලබන නිසාත් ජනයා අතර අතිශය ජනප‍්‍රිය මාධ්‍යයන් බවට පත්ව තිබේ.
මෙකී පුවත්පත් හා රූපවාහිනී මාධ්‍ය තුළින් ඉහතින් හ`දුන්වා දුන් අපරාධ හා සියදිවිනසා ගැනීම හා බද්ධ සිදුවීම් වාර්ථාකරණයේදී ක‍්‍රියාත්මක වී ඇති ආකාරය හා එම`ගින් සමාජමය වශයෙන් සිදු වී ඇති බලපෑම යන්න මෙසේ දැක්විය හැකිය. බොහෝවිට මෙහි දැකිය හැකි වන්නේ සමාජයට සෑම විටම බලපෑම්කාරී තත්ත්වක් ඇති කරනු ලබන ස්භාවක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. එනම් මෙම අපරාධ හා සියදිවිනසා ගැනීම සම්බන්ධව තොරතුරු වාර්ථාකරණයේදී ජන මාධ්‍ය ම`ගින් විශාල ප‍්‍රතිරූපයක් ගොඩනගනු ලබයි. ඒ අනුව ජන මාධ්‍ය මෙම තත්ත්වයන් වාර්ථා කරනු ලබන අවස්ථාවේදී, 
ජනතාව තුළ උත්පේ‍්‍රරණයක් ඇති වන ආකාරයෙන් වාර්ථා කිරීම.
ඉහළ ධාරිතාවයකින් යුතුව වාර්ථා කිරීම.
උලූප්පා පෙන්වීම.
නැවත නැවත විකාශනය.
අත්‍යන්තයෙන් වාර්ථා කිරීම.
පේ‍්‍රක්ෂකයා තුළ සජීවීකරණයක් නිර්මාණය කිරීම. 
ආදී ක‍්‍රම උපයෝගීත්වයෙන් සමාජයට පීඩාකාරී බලපෑම්කාරී තත්ත්වයන් රැුසක් නිර්මාණය වන බව දැක්විය හැකි වේ. රූපවාහිනී හා පුවත්පත් අන්තර්ගතයේ පවත්නා ප‍්‍රවෘත්ති ආදී වැඩසටහන් තුළ මතු නොව විනෝදාත්මක වැඩසටහන් තුළින්ද මෙවැනි දෑ උපයෝගී කරගෙන සමාජමය වශයෙන් අහිතකර තත්ත්වයන් ගොඩනගන බව නොරහසකි. එක් එක් ජනමාධ්‍ය අන්තර්ගතය පිළිබ`ද විමර්ශන කිරීමේදී ඒ ඒ මාධ්‍යයන් සතු කුමන හෝ ලක්ෂණයන් දැකිය හැක. රූපවාහිනි මාධ්‍ය අනෙකුත් මාධ්‍යයන් අභිබවා පුද්ගලයා විෂයෙහි ජනප‍්‍රිය වීමට එහි පවත්නා ශ‍්‍රව්‍ය හා දෘෂ්‍යතාව අතිශයින් හේතු ප‍්‍රත්‍ය වූ බව දැක්විය හැකි වේ. එසේම ජනමාධ්‍ය අතරින් පුවත්පත් මාධ්‍යද සුවිශේෂිත්වයක් දරනු ලබයි. එනම් විශාල පරාසයක් පුරා ප‍්‍රචලිත වී තිබීම දැක්විය හැක. 
මාධ්‍ය වාර්තාකරණයේ යතාරූපී තත්ත්වය පිළිබ`ද ස`දහන් කිරීමේදී බටහිර විචාරකයින් ස`දහන් කරනු ලබන්නේ සියදිවිනසා ගැනීම වාර්තා කරණය තුළින් එම ක‍්‍රියාවන් පේ‍්‍රක්ෂකයා විසින් කොපි කරනු ලබන බවයි. එය උැඑයැර ෑෙෙැජඑ නම්න් හ`දුන්වනු ලබයි. එසේම ජනමාධ්‍ය සෑමවිටම පුද්ගල පෙළඹවීමකට, අනුකරණයකට හා බලපෑමකට ලක් කරන බව අවිවාදයෙන් ස`දහන් කළ යුතු වේ. එසේම බටහිර විචාරකයින් ස`දහන් කරනු ලබන අන්දමට ජනමාධ්‍ය වාර්තාකරණයේදී සුදුසු මාර්ගෝපදේශනයක් අනුගමනය කරයි නම් සියදිවිනසා ගැනීම් අපරාධ ආදිය අඩුකොට ගත හැකි බව ස`දහන් කරනු ලබයි. ඊට අමතරව වාර්ථා කිරීමේ කාර්යයේදී ඒවා ජනමාධ්‍යට වාසි සහගත නැතහොත් පුද්ගලයා ඒ වෙත පෙලඹවීමක් ඇති කරනු ලබන අතර එයින් සමාජමය වශයෙන් ඇති කරන්නේ අහිතකර බලපෑමක් බව ස`දහන් කිරීම නිවැරදි වේ.
කෙසේ නමුත් ජනමාධ්‍ය අන්තර්ගතය අතරින් මෑතකාලීන සිද්ධි රූපවාහිනිය හා පුවත්පත් ම`ගින් වාර්තා කොට ඇති ආකාරය පිළිබ`ද හා එහි බලපෑම පිළිබ`ද අවබෝධයක් ලබා ගැනීය හැක.
ශ‍්‍රී ලංකාව පිළිබ`දව අවධරණයෙන් යුතුව බැලීමේදී මෑත කාලීනව රූපවාහිනිය තුළ හා පුවත්පත තුළ වඩාත් අවධානයෙන් යුතුව වාර්තා කරනු ලාබූ සිදුවිමක් වශයෙන් සේයා සදෙව්මි දියණියගේ ඝාතණය කිරීම සම්බන්ධ ජනමාධ්‍ය ආවරණය දැක්විය හැකිය. මල් කැකුළක් වන් සො`දුරු සි`ගිත්තියගේ ඝාතණය ජන මාධ්‍ය තුළ පැණි කැවුම් උණු උණුවෙන්ම විකිණුනා බ`දු විය. මන්ද ජනමාධ්‍ය මගින් එකී සිද්ධිය ජනතාගත කරනු ලැබුවේ පේ‍්‍රක්ෂකයා විෂයෙහි සිතා බලා නොව තම මාධ්‍ය හිමිකාරීත්වය හා මාධ්‍ය වාසිදායක තත්ත්වයේ පදනම මතය. ඇය අතුරුදන් වූ දින සිට රූපවාහිනී මාධ්‍ය තුළින් නිරන්තරයෙන් ඇය පිළිබ`ද වාර්තා කරනු ලැබූවේ අතිශේ‍යා්ක්තියෙන් උලූප්පා දැක්වීමක් මෙනි. එනම් ජනතාවගේ මානසික මට්ටම නොසලකා හරිමිනි. සමාජය තුළ ජීවත්වන මිනිසාගේ සමාජ මට්ටම එකිනෙකනට වෙනස්ය. එනම් අයෙක් සංවේදී නොවන අවස්ථාවන්හිදී පවා තවකෙක් අතිශය සංවේදි විය හැකිය. එවැනි තත්ත්වයන් තුළ දී ජනමාධ්‍ය මගින් පුද්ගල මනසට සිදු කරනු ලබන පිඩාකාරීත්වය සුලූ පටු එකක් නොවේ.

ඒ අනුව සේයා සදෙව්මිගේ ඝාතණය පිළිබ`ද රූපවාහිනී මාධ්‍ය මගින් ඉදිරිපත් කොට ඇති ආකාරය රූපවාහිනී මාධ්‍ය ආචාර ධර්මයන් පවා පදනම් විරහිතව භාවිතා වූවක් ලෙස දැක්විය හැකි වේ. එනම්  නරඹනු ලබන පේ‍්‍රක්ෂකයාගේ මානසික මට්ටම ස`දහා බලපෑම් කිරීමට අත්‍යන්තයෙන්ම සමත් වන්නට ඇති බව දැක්විය හැකිය. නිරුවත් ඇගේ නිසල දේහය මාධ්‍ය මගින් ඉදිරිපත් කරනු ලැබූවේ ඇගේ මළ සිරුරට ලවා අවනම්බුවක් කරමිනි. එමතුද නොව මෙම ජන මාධ්‍ය හා සම්බන්ධ වන පාර්ෂවයන් අතරින් විෂාල ලෙස කුඩා දරුවන් මෙම මාධ්‍ය අතරින් සම්බන්ධ වන ප‍්‍රතිශතය ඉහළ අගයක් ගනු ලබන නිසාත් ඔවුන් විශයෙහි සිදුවන බලපෑම වෙනමම අධ්‍යනය කළ යුතු විෂය පරාසයක් මෙන් දීර්ඝ වේ. එමතුද නොව ජනමාධ්‍ය අතරින් ශ‍්‍රව්‍ය දෘශ්‍ය අංශ ද්විත්වයම එකවර ක‍්‍රියාත්මක වනු ලබන රූපවාහිනී මාධ්‍ය මගින් පේ‍්‍රක්ෂකයා පේ‍්‍රරණය කරනු ලබන ප‍්‍රතිශතය අතිශයින් ඉහළ වේ. මෙවැනි සිදුවීම හා සම්බන්ධව මාධ්‍ය වාර්තාකරණයෙදී නිවැරිදිකරුවන් වැරදිකරුවන් ලෙසත් වැරදිකරුවන් නිවැරදිකරුවන් ලෙසත් හොව දක්වනු ලබන අවස්ථා බොහෝ ය.
උදාහරණ - සේයා සිදුවීමේදී ඇගේ දෙමව්පියන් වෙත වරදකාරී ස්භාවය                ආරෝපණය කිරීම. 

රූපවාහිනිය තුළ පමණක් නොව පුවත්පත සම්බන්ධව ස`දහන් කිරීමේදී සාකච්ඡුා කිරීමේදී හොවා දැක්විය හැකි වන්නේ උක්තීය සංසිද්ධියම වේ. දෘෂ්‍යමය රූපරාමු යොදා ගනිමින් සුරංගනා කතාවක් ඉදිරිපත් කරන්නාක් මෙන් සිද්ධිය වාර්ථා කරනු ලබන පුවත්පත් මාධ්‍ය සමස්ත සමාජය තුළ විශාල බලපෑම්කාරී හා අසහනකාරී තත්ත්වක් ඇති කරනු ලබන බව සත්‍යයකි. මෙවැනි සිද්ධි සමාජයක් තුළ විශල වශයෙන් ඇතිවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මෑත කාලීනව සිදු වූ සියදිවිනසා ගැනීම සම්බන්ධ ප‍්‍රබල සිද්ධියක් ලෙස පාසල් දැරියක් තම මුහුණු පොතේ ඇගේ ඡුායාරූපයක් පල කිරීම හා ඊට පාසල් ගුරුවරියක් විසින් දෝෂාරෝපණය කිරීම සම්බන්ධයෙන් සියදිවි හානි කර ගත් දැරියගේ සිදුවීම වාර්තා කරණයෙදී පුවත්පත හා රූපවාහිනිය එය වාර්තා කළ ආකාරයද සමාජයට බලපෑම්කාරී තත්ත්වයන් නිර්මාණය කරනු ලබන බව ස`දහන් කිරීම නිවැරිදි වේ. අතිශය සංවේදී අයුරින් මේවා ජනතාගත කොට ඇති අතර එම`ගින් සිදු වන්නේද සමාජමය බලපෑම්කාරී තත්ත්වයක් බව දැක්විය හැකිය. මෙකී මාධ්‍ය විටෙක දැරිය සාධාරණාකරණය කිරීමටද තවත් අවස්ථාවකදී ගුරුවරුය සාධාරණීකරණය කිරීමක්ද දැක්විය හැකි වන අතර මෙමගින් නිසි ලෙස සත්‍ය කුමක්ද යන්න ජනතාව ඉදිරියේ බැහැර කොට තිබේ. 
මාෂල් මැක්ලූවන් ස`දහන් කරන්නේ ”මාධ්‍ය සංදේශය වේ” යනුවෙනි. එනම් මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දෑ පේ‍්‍රක්ෂකයාට සෑම විටම සන්දේශයක් වන බවයි. එනම් පුද්ගලයා මාධ්‍ය අනුකරණය කිරීම හා මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දැ මනස තුළ ර`දවා තබා ගනු ලබයි යන්නයි. එමගින් ජනමාධ්‍ය විශයෙහි රූපවාහිනී පුවත්පත් මාධ්‍ය තුළ සිසදිවිනසා ගැනීම හා අපරාධ වාර්ථාකරණයේදී සමාජමය වශයෙන් අතිශය ප‍්‍රබල බලපෑමක් වන බව නම් සත්‍යයි.
ශ‍්‍රී ලංකීය රූපවාහිනී මාධ්‍ය පිළිබ`ද ස`දහන් කිරීමේදී අපරාද හා සියදිවිනසා ගැනීම සම්බන්ධයෙන් පවත්නා සිද්ධි පමණක් ජනතා ගත කරනු ලබන වැඩසටහන් ගණනාවක් පවතී.
දිනපතා ප‍්‍රවෘත්ති.
ඇ`ගිලි සළකුණ.
අදිසි.
ජේල්
විවිධ සිද්ධි වාර්තා කරන දැන්වීම් ආදිය ඒ අතර ප‍්‍රධාන වේ.
යම් යම් අවස්ථාවන්හිදී මෙකී වැඩසටහන් මගින් යම්කිසි ආදර්හයක් ලබා දෙසවා යැයි ස`දහන් කිරීමද වරදක් නොවේ. නමුත් බහුතරයක් ඇත්තේ පුද්ගලයා කෙරෙහි ඇති කරන අහිතකර බලපෑමයි.  

මෙම වැඩසටහන් ඉදිරිපත් කිරිම තුළින් පුද්ගලයා එම ක‍්‍රියාවන් ස`දහා පොළඹවාලීමක් කරනු ලබන බව සත්‍යයි. මේවා සමාජයක් තුළ විශල බලපෑමක් කරනු ලබන නිසාවෙන්ම මේවායේ යම් යම් තත්ත්වයන් සමාජ සම්මතය තුළ සිට ජනතා ගත කරනවා නම් මෙවැනි තත්ත්වයන් යම්තාක් දුරට හෝ මගහරවා ගැනිමට හැකියාව ලැබේ යන්න මගේ අදහසයි. සමාජයෙන් බැහැර කළ යුතු දෙයක් වන මෙම සිදුවිම් ජනමාධ්‍ය ඔස්සේ තව තවත් උලූප්පා දැක්වීම සම්මත සමාජ ධර්මතාව බි`ද දමන්නක් ලෙසත් ස`දහන් කළ හැකි වේ.
එසේම පුවත්පත් මාධ්‍ය ගැන අවධනය යොමු කිරීමේදි මේ ස`දහා ”මාංචු” පුවත්ලත සුවිශේෂි වේ. ලෝකය පුරා සිදුවන අපරාධ සියදිවිනසා ගන්නා තත්ත්වයන් ආදිය මෙහි අතිශේ‍යා්ක්තියෙන් ඉදිරිපත් කරනු දැකිය හැක. 
කෙසේ නමුත් මෙකී මාධ්‍යයනගෙන් අපරාධ හා සියදිවිනසා ගැනිම් වාර්තා කිීමේදී පහත තත්ත්වන් සමජය තුළ නිතැතින්ම නිර්මාරය වන බව දැක්විය හැකිය.
සම්මත සමාජ ධර්මතාව බි`දී යාම.
ජනතාව තුළ මේ පිළිබ`ද සාමාන්‍ය මානසිකත්වයක් ඇති කිරීම.
එකී ක‍්‍රියාවන් සිදු කිරිම ස`දහා අනුබල ලබාදීම, පෙළඹවීම.
පුද්ගල මානසික අවපීඩනත්වයක් ඇති කිරීම.
පුද්ගලයා තුළ කෝපය, වෛරය, දුෂණය ආදීය ඇති කිරීම.
මානසික නිදහස නැති වී යාම. 
ආදී ගැට`ථකාරී තත්ත්වයක් රැුසක් මේ සම්බන්දයෙන් ඇතිවන බව කනගාටුවෙන් වුවද දැක්විය හැකි වේ.
සමස්තයක් ලෙස උක්තීය පූර්වෝක්තයට අනුව ජනමාධ්‍ය අන්තර්ගපය තුළ ඇතුළත් රූපවාහිනිය හා පුවත්පත තුළ අපරාධ හා සියදිවිනසා ගැනීම් වාර්ථාකරණය කිරීමේදී සමාජය තුළ අහිතකර බලපෑමක් ඇති කරනු ලබන බවත් සත්‍යකි.



Saturday, August 20, 2016

කාලය අද රන් වලට වඩා වටී....


අතීත පැරැුණනන් විසින් කාලය රන් හා වටී ලෙස සදහන් කරනු ලැබුවද, අද වන විට එම කියමන වෙනස් වී තිබේ. එනම් අද සමාජයට ගැලපෙනම කියමන කාලය රන් වලට වඩා වටී යන්නයි.
අප උපන්දා සිට කාලය ගත කරමින් මේ දක්වා පැමිණ මේ මොහොතේත් කාලය වැය කරමින් සිටී. ජීවිතේ ආරම්භයේ සිටම කාලය ජීවිතේට වැදගත් බව අපි දනිමු. සමාජයේ ජීවත්වන පුද්ගලයා කාලය නිසි අයුරින් කලමණාකරනය කිරීම අද අත්‍යාවශ්‍යය සාධකයකි. තාක්ෂණික පරිසරයක් තුළ ජීවත් වන මිනිසාගේ අරමුණ, අවශ්‍යතාවන්ද කාර්මීකරණය වී අවසන්ය. ඒ අනුව මිනිසාගේ දෛනික ජීවිතය අවශ්‍යතා හා ක‍්‍රියා පිළිවෙත්හි විපරිත බවක් නිර්මාණය වී තිබේ. මෙය මිනිසාගේ රන් වලටත් වඩා වටිනා කාලයට බලපෑම් කරයි.
’මේ තියෙන වැඩ කන්දරාවට පැය 24ත් මදී ’

යන වචන ටික දැන් දැන් මිනිසුන් අතර පොදු බවට පත් වී ඇත. එ් අන් කිසිදු කරුණක් නිසා නොවේ මිනිසුන්ද කාර්මික යන්ත‍්‍ර මෙන් වැඩ කිරීම හා සමාජ රටාවේ කාර්යයන් මිනිසා පොදි ගසා ගෙන සිටින නිසා ය. වැඩ පහසු කිරීම සදහා තාක්ෂණික ක‍්‍රමවේදයන් භාවිත කරනු ලැබූවද ඒවා මිනිස් ක‍්‍රියාවන්ට  දෙවැනි වේ. තාක්ෂණය කොතෙක් භාවිත කරනු ලැබූවද මිනිසාගේ කාර්යයන් අවසන් කිරීමට තරම් තාක්ෂණයට හැකියාවක්  නොලැබෙන අවස්ථා බොහෝය. මේ නිසාම මීට පිළිතුර වන්නේ නිවැරිදි නිසි කාල කළමනාකරණය කිරීමම පමණක් බවයි මගේ අදහස.
   එසේනම් කළ යුත්තේ සමාජ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නිවැරිදි කාල කළමනාකරණය කිරීම , වෙලාවට වැඩ කිරීම . නියමිත වැඩ කොටස් නියමිත වෙලාවට සිදු කිරීම  ආදී සුලු ක‍්‍රියාවන් කිහිපයක් පමණි.
   ආයතනික වශයෙන් වැඩ කටයුතු කිරීමේදී විශේෂයෙන් මහජනයා සමග කටයුතු කිරීමේදී කාලය පිළිබද පවතින නොසැලකිලිමත් කම නිසිම මහජනයාට සිදු වන අපහසුතාව කාලය වැය වීම පිළිබද මා අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ. එපමණක් නොව මෙවර උසස් පෙළ විභාගයේ ආරම්භක දිනෙයේදී ඒ දරුවන්ට විභාග ආරම්ක වේලාවේ සිදු වු අපහසුතාව නිසා කෙතරම් මානසික පීඩනයක් ඔවුන් තුළ ඇති වන්නට ඇත්ද? එයද කාලය පිළිබද පැවැති නොසැලකිලිමත් කම නිසා නොවෙිද? මේවා අද නුතනයේ සිදු නොවිය යුතු දේවල් නොවේද? මන්ද අප සැවෙම කාලය සමග සටන් කරමින් ජීවිත සටනේ නිරත වන හෙයිනි.

Nilakshi Kadigawa.

Wednesday, August 17, 2016





ස්නේහයේ අරුත් පුරන
සිනහ ක`දුළු
එක පුරුකේ ගෙත්තම් කරන
අරුත්සුන් වූත්
අරුත්බරවූත්
ආදරණීය සිත්තම 
ආදරය.....



කල්ප කාලයක් පෙරුම් පුරා.......
ප‍්‍රාණය වූ වායුව.....     
ස්වසනය කරමින්.....
විඳිමින්  විඳවමින්.......
ජීවිතය.......
ගෙවා ලන්නට අවසානය තෙක්
අයදින්නට නොහැකිව පසුපස වැටෙන
මාරයාගේ හෙවනැල්ල
ඩෙංගු......


Tuesday, August 16, 2016





The ජීවිතය

නිරුවතින් ඉපදී
නිරුවතින් රගා
විලි වසාගෙන යන නෙඑන ගමන....

Friday, August 12, 2016

පේ‍්‍රම සෝ තැවුල්.....

සින්නක්කරම ලියා දෙමි මගේ ජීවිතේ
කැපකර සියලු දේම ඔබ වෙනුවෙන්
දැනුණොතින් මා කරදරයක් කියා
යන්නෙමි ඔබ රහසේම සැ`ගවී....

ඔබේ ඔය නෙතුවල හිමිකම් පතන මා

මගේ පණටත් වඩා පෙම් කළ බව දනී ඔබ
නොහැගුණා සේ හිදිණු ඇයි දැන්
ඔබේ වී දැන් ටික කලයි.....

බඩට පස් මස පිරුණ පමණයි

නැහැනෙ කෑමක කිසිදු පිරියක්
මගේ කුස තුළ වැඩෙන පණ ඔබෙ
රකිමි මා මගේ පණ දෙවැනි කොට....

ඇයි දෝ මාගෙන් දුරස් වී ඔබ
නෑ මගේ සිත ඊට පිළිතුරු
ඔබේ පුතු දැන් දැන් ඒවිදෝ
කියාදෝ ඔබෙ කල්පනාවන්....

ටිකෙන් ටික ඔබෙ පෘෂ්ඨිමත් ගත

ඇයිද දින දෙක තුනට අඩු වී
අසනීපයක් දෝ මාහට නොකියන
ඇයිද සෝදුක් වලින් පිරි ලෙස.....

පෙර දින ඇද සිටි ටී ෂර්ට්ටුවේ

තිබුණා රතු ලේ පැල්ලම් කිහිපයක් උරේ
ඇයිද කිසිවක් නොදොඩ ඉන්නේ
කිමද ගැටලුව කියනු මැන.....

ඇයි මගේ පණ නොකිය සිටියේ

තිබෙන රෝගය ගැන ඔබේ
කෙලෙස ඔබ අප අතැර යන්නද
මෙයයි අප තැනු සුර ලොවේ‘.....

Thursday, August 11, 2016



ඉපදුනොත් කෙනෙක් මරණය නියතයි  දහම
සැප සම්පත් පතා කරන දිවි             කොළම
කවදා කොහේදී යන්නට වෙිදැයි     නොදැන
ගෙවනවා ජීවිතේ අජරාමර               ලෙසට