Sunday, August 28, 2016

අපරාධ සහ සියදිවිනසා ගැනීමට රූපවාහිනී හා පුවත්පත් හි  බලපෑම 

ලෝක සමාජ සංස්ථාව පිළිබ`ද කරුණු විමසීමේදී මානවීය සත්ත්වයාගේ යුගයෙන් යුගය වර්ධනීය තත්ත්වයට පත් විය. ඒ අනුව නව සොයාගැනීම් ඔස්සේ ගිය මානවයා විසින් තාක්ෂණික ප‍්‍රයෝගයන් විමර්ශනය කර ගැනීමට සමත් වන ලද’. එහි බලපෑමින් මුද්‍රණ තාක්ෂණයත්, රූපවාහිනී තාක්ෂණයත් වර්ධනය වූ අතර නවීන ලෝකය පුරාම දැන් ඒවා ආක‍්‍රමණය කොට අවසන්ය.
මෙලෙස නවීන ලෝක තාක්ෂණික ප‍්‍රයෝග නිසාවෙන් සමාජ සම්මතයන් වෙනස් වී ඇති බැවි සත්‍යයකි. ඒ අනුව උක්තීය පූර්වෝක්ත විස්තරයට අනුව අපරාධ හා සියදිවිනසා ගැනීම යන්න සමාජය තුළ වර්ධනීය තත්ත්වයට පත් වී තිබේ. එකී සමාජීය විෂමතාවන් තාක්ෂණික ප‍්‍රයෝග යටතේ ජනතා ගත කිරීමේදී රූපවාහිනිය හා පුවත්පත් මාධ්‍ය මගින් ජනතාගත කරන අහිතකර බලපෑම කෙසේද යන්න මෙහිදී විමසා බැලීම සිදු වේ.
ඊට ප‍්‍රථමව සියදිවිනසා ගැනීම යනු කුමක්ද අපරාධයක් යනු කුමක්ද යන්න නිවැරිදි ලෙස අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

සමාජීය සත්ත්වයකු ලෙස මිනිසා සංකීර්ණ සමාජ යාන්ත‍්‍රණය තුළ ජීවත් වීමේදි යම් යම් බලපෑම්කාරී තත්ත්වයන්ට සම්බන්ධ වේ. පුද්ගලයා විශයෙහි සමාජීය හෝ ශාරීරික වශයෙන් පීඩාකාරි කරනු ලබන හෝ පීඩාකාරී කරනු ලබන බව විශ්වාස කරන තත්ත්වයන්ට සෘජුවම ප‍්‍රතික‍්‍රියාවක් ලෙසින් සියදිවිනසා ගැනීම යන්න සමාජගත වී තිබේ. මෙය සංකීර්ණ මානසික ක‍්‍රියාවලියකි. සියදිවිනසා ගැනීම සරලව අර්ථනය කරන්නේ නම් හුදෙක් එය තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින් නැති කර ගැනීමේ ක‍්‍රියාවලිය සියදිවිනසා ගැනීම ලෙස නිර්වචනය කළ හැකිය. විශේෂයෙන් ජීවිතයේ බලාපොරොත්තු නැති වූ අවස්ථා වල, මානසික ආතතිය, හීන්නෝන්මාදය වැනි මානසික රෝග තත්ත්වයන් නිසා සියදිවිනසා ගැනීම පුද්ගලයා විසින් අද සමාජයේ වැඩි වශයෙන් සිදු කරනු ලබයි.
එසේම මනෝ විශ්ලේෂණවාදයේ පියා ලෙස සැලකෙන ”සිග්මන් ප්‍රොයිඞ්” විසින් සියදිවිනසා ගැනීම අර්ථ දක්වන්නේ,
”පුද්ගලයකු වෙතින් වෙනත් පුද්ගලයකු වෙත එල්ල විය හැකි ආක‍්‍රමණකාරී සිතිවිල්ලක්, තමා වෙත යොමු කර ගැනීමේ මාරක ඇල්මක් සියදිවිනසා ගැසීමක් වේ.” යනුවෙනි.

කෙසේ නමුත් මෙම සංකීර්ණ මානසික ගැටුම්කාරී තත්ත්වය ස`දහා පුද්ගලයා විෂයෙහි ඉච්ඡුාභංගත්වය,පේ‍්‍රරණය හා චිත්ත වේග යන සාධකයන් බලපානු ලබන බැව් ස`දහන් වේ. එසේම සියදිවිනසා ගැනීම යන්න හුදෙක් පුද්ගලයා විෂයෙහි තත්ත්වයන් දෙකක් යටතේ නිර්මාණය වේ. එනම්,
නිව්රෝසියස්
සයිකෝසියස් වේ.
මෙහිදී අදහස් වන්නේ සියදිවිනසා ගැනීම යන්න පුද්ගලයාගේ උප්පති ජාන තුළ සිට පවා පැමිණිය හැකි බවයි. එසේම සියදිවිනසා ගැනීම ස`දහා පුද්ගලයා තුළ පවතින මානසික ආතතිය, ද්‍රව්‍ය/ෙඖෂධ අනිසි ලෙස භාවිතය, සූදු කෙලීම් ආදී ප‍්‍රශ්න, පේ‍්‍රම සම්බස්ධතාවන්, විවිධ සෞඛ්‍ය තත්ත්වයන්, ජනමාධ්‍ය, තාර්තනික තත්ත්වයන්, ව්‍යධී මානසිකත්වයන් ආදිය බලපෑම් කරනු ලබන බව සනාථනය කොට ගෙන තිබේ.

ඉහතින් ස`දහන් කරනු ලැබූ ආකාරයටම අපරාධයක් යන්නද ආර්ථනය කළ හැකිය. අපරාධයක් යන්න සරලව විග‍්‍රහ කිරිමේ දී ඉච්ඡුාභංගත්වය, මානසික රෝග, චිත්තවේග ආදි පුද්ගල අභ්‍යන්තරික ලක්ෂණයන් පමණක් නොව දිලි`දු කම, සමාජමය ගැට`ථආදී භාහිර සාධක ඉදිරියේ පුද්ගලයා හැසිරෙනු ලබන ආකාරය නිසා පුද්ගලයා විසින් සිදු කරනු ලබන යම් යම් නිනර්ථකාරී ක‍්‍රියාවන් අපරාධයක් ලෙස ස`දහන් කළ හැකිය.
එසේම අපරාධයක් යන්න සමාජයක් වශයෙන් පවත්නා අගයන් ධර්මතාවන් බි`දදමමින් සමාජ සම්මතයට පටහැනි චර්යාවන්හි නියුත්ත වීමද අපරාධයක් සේ දැක්විය හැකිය.සමාජ විද්‍යාත්මක ලෙස අපරාධය යන්න හ`දුන්වන්නේ සමාජ සම්මත ධර්මතාවන් විනාශ කරනු ලබන ක‍්‍රියාවන් වශයෙනි. මේවා පවත්නා සමාජ තත්ත්වයේ අපගමනය වූවක් නැතහොත් අපගාමී චර්යාවන් ලෙසද වැඩිදුරටත් සමාජ විද්‍යාවේ ස`දහන් කරනු ලබයි.
මේ ආකාරයට සමාජ සංස්ථවක් තුළ සිදුවන්නා වූ සමාජ අපරාධ හා සියදිවිනසා ගැනීම යන සාධක පිලිබ`ද අවබෝධයක් ලබා ගත හැකි අතර මෙකී සමාජ ක‍්‍රියාවන් ජනමාධ්‍ය අන්තර්ගතයේ ඇති රූපවාහිනිය හා පුවත්පත් මාධ්‍ය ම`ගින් මෙම සංසිද්ධි ජනතාගත තිරීමේදී සිදු කරනු ලබන බලපෑම්කාරි තත්ත්වය මින් අනතුරුව අධ්‍යයනය කරනු ලබයි. 
20 හා 21 වන සියවස තුළ ඉහතින් ස`දහන් කරනු ලැබූ අපරාධ හා සියදිවිනසා ගැනිමේ ප‍්‍රතිශතය ඉහල ගොස් ඇති බවට යම් යම් සමීක්ෂණ සාක්ෂි දරනු ලබයි. එනම් සමාජය තුළ විකෘති මානසිකත්වයක් වර්ධන වී තිබේ යන්නයි. අද නවීන තාක්ෂණය හා බද්ධ වී ජීවත් වන ජනතාව සෑම විටම සමාජමය තොරතුරු ලබා ගනු ලබන ප‍්‍රධාන වාහකයන් ලෙස රූපවාහිනිය හා පුවත්පත දැක්විය හැකිය. පුද්ගලයා සෑම විටම තොරතුරු පිපසයෙන් සිටිනු ලබන අතර එකී පිපාසිතභාවය සංසි`දුවනු ලබන්නේ නූතන ජන මාධ්‍ය තුළිනි. මෙම පූර්වෝක්තයට අනුව ජනමාධ්‍ය අතරින් පුවත්පත හා රූපවාහිනිය ජනයා සම`ග වඩාත් සමීප නිසාත් පහසුවෙන් ගෝචර වනු ලබන නිසාත් ජනයා අතර අතිශය ජනප‍්‍රිය මාධ්‍යයන් බවට පත්ව තිබේ.
මෙකී පුවත්පත් හා රූපවාහිනී මාධ්‍ය තුළින් ඉහතින් හ`දුන්වා දුන් අපරාධ හා සියදිවිනසා ගැනීම හා බද්ධ සිදුවීම් වාර්ථාකරණයේදී ක‍්‍රියාත්මක වී ඇති ආකාරය හා එම`ගින් සමාජමය වශයෙන් සිදු වී ඇති බලපෑම යන්න මෙසේ දැක්විය හැකිය. බොහෝවිට මෙහි දැකිය හැකි වන්නේ සමාජයට සෑම විටම බලපෑම්කාරී තත්ත්වක් ඇති කරනු ලබන ස්භාවක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. එනම් මෙම අපරාධ හා සියදිවිනසා ගැනීම සම්බන්ධව තොරතුරු වාර්ථාකරණයේදී ජන මාධ්‍ය ම`ගින් විශාල ප‍්‍රතිරූපයක් ගොඩනගනු ලබයි. ඒ අනුව ජන මාධ්‍ය මෙම තත්ත්වයන් වාර්ථා කරනු ලබන අවස්ථාවේදී, 
ජනතාව තුළ උත්පේ‍්‍රරණයක් ඇති වන ආකාරයෙන් වාර්ථා කිරීම.
ඉහළ ධාරිතාවයකින් යුතුව වාර්ථා කිරීම.
උලූප්පා පෙන්වීම.
නැවත නැවත විකාශනය.
අත්‍යන්තයෙන් වාර්ථා කිරීම.
පේ‍්‍රක්ෂකයා තුළ සජීවීකරණයක් නිර්මාණය කිරීම. 
ආදී ක‍්‍රම උපයෝගීත්වයෙන් සමාජයට පීඩාකාරී බලපෑම්කාරී තත්ත්වයන් රැුසක් නිර්මාණය වන බව දැක්විය හැකි වේ. රූපවාහිනී හා පුවත්පත් අන්තර්ගතයේ පවත්නා ප‍්‍රවෘත්ති ආදී වැඩසටහන් තුළ මතු නොව විනෝදාත්මක වැඩසටහන් තුළින්ද මෙවැනි දෑ උපයෝගී කරගෙන සමාජමය වශයෙන් අහිතකර තත්ත්වයන් ගොඩනගන බව නොරහසකි. එක් එක් ජනමාධ්‍ය අන්තර්ගතය පිළිබ`ද විමර්ශන කිරීමේදී ඒ ඒ මාධ්‍යයන් සතු කුමන හෝ ලක්ෂණයන් දැකිය හැක. රූපවාහිනි මාධ්‍ය අනෙකුත් මාධ්‍යයන් අභිබවා පුද්ගලයා විෂයෙහි ජනප‍්‍රිය වීමට එහි පවත්නා ශ‍්‍රව්‍ය හා දෘෂ්‍යතාව අතිශයින් හේතු ප‍්‍රත්‍ය වූ බව දැක්විය හැකි වේ. එසේම ජනමාධ්‍ය අතරින් පුවත්පත් මාධ්‍යද සුවිශේෂිත්වයක් දරනු ලබයි. එනම් විශාල පරාසයක් පුරා ප‍්‍රචලිත වී තිබීම දැක්විය හැක. 
මාධ්‍ය වාර්තාකරණයේ යතාරූපී තත්ත්වය පිළිබ`ද ස`දහන් කිරීමේදී බටහිර විචාරකයින් ස`දහන් කරනු ලබන්නේ සියදිවිනසා ගැනීම වාර්තා කරණය තුළින් එම ක‍්‍රියාවන් පේ‍්‍රක්ෂකයා විසින් කොපි කරනු ලබන බවයි. එය උැඑයැර ෑෙෙැජඑ නම්න් හ`දුන්වනු ලබයි. එසේම ජනමාධ්‍ය සෑමවිටම පුද්ගල පෙළඹවීමකට, අනුකරණයකට හා බලපෑමකට ලක් කරන බව අවිවාදයෙන් ස`දහන් කළ යුතු වේ. එසේම බටහිර විචාරකයින් ස`දහන් කරනු ලබන අන්දමට ජනමාධ්‍ය වාර්තාකරණයේදී සුදුසු මාර්ගෝපදේශනයක් අනුගමනය කරයි නම් සියදිවිනසා ගැනීම් අපරාධ ආදිය අඩුකොට ගත හැකි බව ස`දහන් කරනු ලබයි. ඊට අමතරව වාර්ථා කිරීමේ කාර්යයේදී ඒවා ජනමාධ්‍යට වාසි සහගත නැතහොත් පුද්ගලයා ඒ වෙත පෙලඹවීමක් ඇති කරනු ලබන අතර එයින් සමාජමය වශයෙන් ඇති කරන්නේ අහිතකර බලපෑමක් බව ස`දහන් කිරීම නිවැරදි වේ.
කෙසේ නමුත් ජනමාධ්‍ය අන්තර්ගතය අතරින් මෑතකාලීන සිද්ධි රූපවාහිනිය හා පුවත්පත් ම`ගින් වාර්තා කොට ඇති ආකාරය පිළිබ`ද හා එහි බලපෑම පිළිබ`ද අවබෝධයක් ලබා ගැනීය හැක.
ශ‍්‍රී ලංකාව පිළිබ`දව අවධරණයෙන් යුතුව බැලීමේදී මෑත කාලීනව රූපවාහිනිය තුළ හා පුවත්පත තුළ වඩාත් අවධානයෙන් යුතුව වාර්තා කරනු ලාබූ සිදුවිමක් වශයෙන් සේයා සදෙව්මි දියණියගේ ඝාතණය කිරීම සම්බන්ධ ජනමාධ්‍ය ආවරණය දැක්විය හැකිය. මල් කැකුළක් වන් සො`දුරු සි`ගිත්තියගේ ඝාතණය ජන මාධ්‍ය තුළ පැණි කැවුම් උණු උණුවෙන්ම විකිණුනා බ`දු විය. මන්ද ජනමාධ්‍ය මගින් එකී සිද්ධිය ජනතාගත කරනු ලැබුවේ පේ‍්‍රක්ෂකයා විෂයෙහි සිතා බලා නොව තම මාධ්‍ය හිමිකාරීත්වය හා මාධ්‍ය වාසිදායක තත්ත්වයේ පදනම මතය. ඇය අතුරුදන් වූ දින සිට රූපවාහිනී මාධ්‍ය තුළින් නිරන්තරයෙන් ඇය පිළිබ`ද වාර්තා කරනු ලැබූවේ අතිශේ‍යා්ක්තියෙන් උලූප්පා දැක්වීමක් මෙනි. එනම් ජනතාවගේ මානසික මට්ටම නොසලකා හරිමිනි. සමාජය තුළ ජීවත්වන මිනිසාගේ සමාජ මට්ටම එකිනෙකනට වෙනස්ය. එනම් අයෙක් සංවේදී නොවන අවස්ථාවන්හිදී පවා තවකෙක් අතිශය සංවේදි විය හැකිය. එවැනි තත්ත්වයන් තුළ දී ජනමාධ්‍ය මගින් පුද්ගල මනසට සිදු කරනු ලබන පිඩාකාරීත්වය සුලූ පටු එකක් නොවේ.

ඒ අනුව සේයා සදෙව්මිගේ ඝාතණය පිළිබ`ද රූපවාහිනී මාධ්‍ය මගින් ඉදිරිපත් කොට ඇති ආකාරය රූපවාහිනී මාධ්‍ය ආචාර ධර්මයන් පවා පදනම් විරහිතව භාවිතා වූවක් ලෙස දැක්විය හැකි වේ. එනම්  නරඹනු ලබන පේ‍්‍රක්ෂකයාගේ මානසික මට්ටම ස`දහා බලපෑම් කිරීමට අත්‍යන්තයෙන්ම සමත් වන්නට ඇති බව දැක්විය හැකිය. නිරුවත් ඇගේ නිසල දේහය මාධ්‍ය මගින් ඉදිරිපත් කරනු ලැබූවේ ඇගේ මළ සිරුරට ලවා අවනම්බුවක් කරමිනි. එමතුද නොව මෙම ජන මාධ්‍ය හා සම්බන්ධ වන පාර්ෂවයන් අතරින් විෂාල ලෙස කුඩා දරුවන් මෙම මාධ්‍ය අතරින් සම්බන්ධ වන ප‍්‍රතිශතය ඉහළ අගයක් ගනු ලබන නිසාත් ඔවුන් විශයෙහි සිදුවන බලපෑම වෙනමම අධ්‍යනය කළ යුතු විෂය පරාසයක් මෙන් දීර්ඝ වේ. එමතුද නොව ජනමාධ්‍ය අතරින් ශ‍්‍රව්‍ය දෘශ්‍ය අංශ ද්විත්වයම එකවර ක‍්‍රියාත්මක වනු ලබන රූපවාහිනී මාධ්‍ය මගින් පේ‍්‍රක්ෂකයා පේ‍්‍රරණය කරනු ලබන ප‍්‍රතිශතය අතිශයින් ඉහළ වේ. මෙවැනි සිදුවීම හා සම්බන්ධව මාධ්‍ය වාර්තාකරණයෙදී නිවැරිදිකරුවන් වැරදිකරුවන් ලෙසත් වැරදිකරුවන් නිවැරදිකරුවන් ලෙසත් හොව දක්වනු ලබන අවස්ථා බොහෝ ය.
උදාහරණ - සේයා සිදුවීමේදී ඇගේ දෙමව්පියන් වෙත වරදකාරී ස්භාවය                ආරෝපණය කිරීම. 

රූපවාහිනිය තුළ පමණක් නොව පුවත්පත සම්බන්ධව ස`දහන් කිරීමේදී සාකච්ඡුා කිරීමේදී හොවා දැක්විය හැකි වන්නේ උක්තීය සංසිද්ධියම වේ. දෘෂ්‍යමය රූපරාමු යොදා ගනිමින් සුරංගනා කතාවක් ඉදිරිපත් කරන්නාක් මෙන් සිද්ධිය වාර්ථා කරනු ලබන පුවත්පත් මාධ්‍ය සමස්ත සමාජය තුළ විශාල බලපෑම්කාරී හා අසහනකාරී තත්ත්වක් ඇති කරනු ලබන බව සත්‍යයකි. මෙවැනි සිද්ධි සමාජයක් තුළ විශල වශයෙන් ඇතිවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මෑත කාලීනව සිදු වූ සියදිවිනසා ගැනීම සම්බන්ධ ප‍්‍රබල සිද්ධියක් ලෙස පාසල් දැරියක් තම මුහුණු පොතේ ඇගේ ඡුායාරූපයක් පල කිරීම හා ඊට පාසල් ගුරුවරියක් විසින් දෝෂාරෝපණය කිරීම සම්බන්ධයෙන් සියදිවි හානි කර ගත් දැරියගේ සිදුවීම වාර්තා කරණයෙදී පුවත්පත හා රූපවාහිනිය එය වාර්තා කළ ආකාරයද සමාජයට බලපෑම්කාරී තත්ත්වයන් නිර්මාණය කරනු ලබන බව ස`දහන් කිරීම නිවැරිදි වේ. අතිශය සංවේදී අයුරින් මේවා ජනතාගත කොට ඇති අතර එම`ගින් සිදු වන්නේද සමාජමය බලපෑම්කාරී තත්ත්වයක් බව දැක්විය හැකිය. මෙකී මාධ්‍ය විටෙක දැරිය සාධාරණාකරණය කිරීමටද තවත් අවස්ථාවකදී ගුරුවරුය සාධාරණීකරණය කිරීමක්ද දැක්විය හැකි වන අතර මෙමගින් නිසි ලෙස සත්‍ය කුමක්ද යන්න ජනතාව ඉදිරියේ බැහැර කොට තිබේ. 
මාෂල් මැක්ලූවන් ස`දහන් කරන්නේ ”මාධ්‍ය සංදේශය වේ” යනුවෙනි. එනම් මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දෑ පේ‍්‍රක්ෂකයාට සෑම විටම සන්දේශයක් වන බවයි. එනම් පුද්ගලයා මාධ්‍ය අනුකරණය කිරීම හා මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දැ මනස තුළ ර`දවා තබා ගනු ලබයි යන්නයි. එමගින් ජනමාධ්‍ය විශයෙහි රූපවාහිනී පුවත්පත් මාධ්‍ය තුළ සිසදිවිනසා ගැනීම හා අපරාධ වාර්ථාකරණයේදී සමාජමය වශයෙන් අතිශය ප‍්‍රබල බලපෑමක් වන බව නම් සත්‍යයි.
ශ‍්‍රී ලංකීය රූපවාහිනී මාධ්‍ය පිළිබ`ද ස`දහන් කිරීමේදී අපරාද හා සියදිවිනසා ගැනීම සම්බන්ධයෙන් පවත්නා සිද්ධි පමණක් ජනතා ගත කරනු ලබන වැඩසටහන් ගණනාවක් පවතී.
දිනපතා ප‍්‍රවෘත්ති.
ඇ`ගිලි සළකුණ.
අදිසි.
ජේල්
විවිධ සිද්ධි වාර්තා කරන දැන්වීම් ආදිය ඒ අතර ප‍්‍රධාන වේ.
යම් යම් අවස්ථාවන්හිදී මෙකී වැඩසටහන් මගින් යම්කිසි ආදර්හයක් ලබා දෙසවා යැයි ස`දහන් කිරීමද වරදක් නොවේ. නමුත් බහුතරයක් ඇත්තේ පුද්ගලයා කෙරෙහි ඇති කරන අහිතකර බලපෑමයි.  

මෙම වැඩසටහන් ඉදිරිපත් කිරිම තුළින් පුද්ගලයා එම ක‍්‍රියාවන් ස`දහා පොළඹවාලීමක් කරනු ලබන බව සත්‍යයි. මේවා සමාජයක් තුළ විශල බලපෑමක් කරනු ලබන නිසාවෙන්ම මේවායේ යම් යම් තත්ත්වයන් සමාජ සම්මතය තුළ සිට ජනතා ගත කරනවා නම් මෙවැනි තත්ත්වයන් යම්තාක් දුරට හෝ මගහරවා ගැනිමට හැකියාව ලැබේ යන්න මගේ අදහසයි. සමාජයෙන් බැහැර කළ යුතු දෙයක් වන මෙම සිදුවිම් ජනමාධ්‍ය ඔස්සේ තව තවත් උලූප්පා දැක්වීම සම්මත සමාජ ධර්මතාව බි`ද දමන්නක් ලෙසත් ස`දහන් කළ හැකි වේ.
එසේම පුවත්පත් මාධ්‍ය ගැන අවධනය යොමු කිරීමේදි මේ ස`දහා ”මාංචු” පුවත්ලත සුවිශේෂි වේ. ලෝකය පුරා සිදුවන අපරාධ සියදිවිනසා ගන්නා තත්ත්වයන් ආදිය මෙහි අතිශේ‍යා්ක්තියෙන් ඉදිරිපත් කරනු දැකිය හැක. 
කෙසේ නමුත් මෙකී මාධ්‍යයනගෙන් අපරාධ හා සියදිවිනසා ගැනිම් වාර්තා කිීමේදී පහත තත්ත්වන් සමජය තුළ නිතැතින්ම නිර්මාරය වන බව දැක්විය හැකිය.
සම්මත සමාජ ධර්මතාව බි`දී යාම.
ජනතාව තුළ මේ පිළිබ`ද සාමාන්‍ය මානසිකත්වයක් ඇති කිරීම.
එකී ක‍්‍රියාවන් සිදු කිරිම ස`දහා අනුබල ලබාදීම, පෙළඹවීම.
පුද්ගල මානසික අවපීඩනත්වයක් ඇති කිරීම.
පුද්ගලයා තුළ කෝපය, වෛරය, දුෂණය ආදීය ඇති කිරීම.
මානසික නිදහස නැති වී යාම. 
ආදී ගැට`ථකාරී තත්ත්වයක් රැුසක් මේ සම්බන්දයෙන් ඇතිවන බව කනගාටුවෙන් වුවද දැක්විය හැකි වේ.
සමස්තයක් ලෙස උක්තීය පූර්වෝක්තයට අනුව ජනමාධ්‍ය අන්තර්ගපය තුළ ඇතුළත් රූපවාහිනිය හා පුවත්පත තුළ අපරාධ හා සියදිවිනසා ගැනීම් වාර්ථාකරණය කිරීමේදී සමාජය තුළ අහිතකර බලපෑමක් ඇති කරනු ලබන බවත් සත්‍යකි.



Saturday, August 20, 2016

කාලය අද රන් වලට වඩා වටී....


අතීත පැරැුණනන් විසින් කාලය රන් හා වටී ලෙස සදහන් කරනු ලැබුවද, අද වන විට එම කියමන වෙනස් වී තිබේ. එනම් අද සමාජයට ගැලපෙනම කියමන කාලය රන් වලට වඩා වටී යන්නයි.
අප උපන්දා සිට කාලය ගත කරමින් මේ දක්වා පැමිණ මේ මොහොතේත් කාලය වැය කරමින් සිටී. ජීවිතේ ආරම්භයේ සිටම කාලය ජීවිතේට වැදගත් බව අපි දනිමු. සමාජයේ ජීවත්වන පුද්ගලයා කාලය නිසි අයුරින් කලමණාකරනය කිරීම අද අත්‍යාවශ්‍යය සාධකයකි. තාක්ෂණික පරිසරයක් තුළ ජීවත් වන මිනිසාගේ අරමුණ, අවශ්‍යතාවන්ද කාර්මීකරණය වී අවසන්ය. ඒ අනුව මිනිසාගේ දෛනික ජීවිතය අවශ්‍යතා හා ක‍්‍රියා පිළිවෙත්හි විපරිත බවක් නිර්මාණය වී තිබේ. මෙය මිනිසාගේ රන් වලටත් වඩා වටිනා කාලයට බලපෑම් කරයි.
’මේ තියෙන වැඩ කන්දරාවට පැය 24ත් මදී ’

යන වචන ටික දැන් දැන් මිනිසුන් අතර පොදු බවට පත් වී ඇත. එ් අන් කිසිදු කරුණක් නිසා නොවේ මිනිසුන්ද කාර්මික යන්ත‍්‍ර මෙන් වැඩ කිරීම හා සමාජ රටාවේ කාර්යයන් මිනිසා පොදි ගසා ගෙන සිටින නිසා ය. වැඩ පහසු කිරීම සදහා තාක්ෂණික ක‍්‍රමවේදයන් භාවිත කරනු ලැබූවද ඒවා මිනිස් ක‍්‍රියාවන්ට  දෙවැනි වේ. තාක්ෂණය කොතෙක් භාවිත කරනු ලැබූවද මිනිසාගේ කාර්යයන් අවසන් කිරීමට තරම් තාක්ෂණයට හැකියාවක්  නොලැබෙන අවස්ථා බොහෝය. මේ නිසාම මීට පිළිතුර වන්නේ නිවැරිදි නිසි කාල කළමනාකරණය කිරීමම පමණක් බවයි මගේ අදහස.
   එසේනම් කළ යුත්තේ සමාජ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නිවැරිදි කාල කළමනාකරණය කිරීම , වෙලාවට වැඩ කිරීම . නියමිත වැඩ කොටස් නියමිත වෙලාවට සිදු කිරීම  ආදී සුලු ක‍්‍රියාවන් කිහිපයක් පමණි.
   ආයතනික වශයෙන් වැඩ කටයුතු කිරීමේදී විශේෂයෙන් මහජනයා සමග කටයුතු කිරීමේදී කාලය පිළිබද පවතින නොසැලකිලිමත් කම නිසිම මහජනයාට සිදු වන අපහසුතාව කාලය වැය වීම පිළිබද මා අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ. එපමණක් නොව මෙවර උසස් පෙළ විභාගයේ ආරම්භක දිනෙයේදී ඒ දරුවන්ට විභාග ආරම්ක වේලාවේ සිදු වු අපහසුතාව නිසා කෙතරම් මානසික පීඩනයක් ඔවුන් තුළ ඇති වන්නට ඇත්ද? එයද කාලය පිළිබද පැවැති නොසැලකිලිමත් කම නිසා නොවෙිද? මේවා අද නුතනයේ සිදු නොවිය යුතු දේවල් නොවේද? මන්ද අප සැවෙම කාලය සමග සටන් කරමින් ජීවිත සටනේ නිරත වන හෙයිනි.

Nilakshi Kadigawa.

Wednesday, August 17, 2016





ස්නේහයේ අරුත් පුරන
සිනහ ක`දුළු
එක පුරුකේ ගෙත්තම් කරන
අරුත්සුන් වූත්
අරුත්බරවූත්
ආදරණීය සිත්තම 
ආදරය.....



කල්ප කාලයක් පෙරුම් පුරා.......
ප‍්‍රාණය වූ වායුව.....     
ස්වසනය කරමින්.....
විඳිමින්  විඳවමින්.......
ජීවිතය.......
ගෙවා ලන්නට අවසානය තෙක්
අයදින්නට නොහැකිව පසුපස වැටෙන
මාරයාගේ හෙවනැල්ල
ඩෙංගු......


Tuesday, August 16, 2016





The ජීවිතය

නිරුවතින් ඉපදී
නිරුවතින් රගා
විලි වසාගෙන යන නෙඑන ගමන....

Friday, August 12, 2016

පේ‍්‍රම සෝ තැවුල්.....

සින්නක්කරම ලියා දෙමි මගේ ජීවිතේ
කැපකර සියලු දේම ඔබ වෙනුවෙන්
දැනුණොතින් මා කරදරයක් කියා
යන්නෙමි ඔබ රහසේම සැ`ගවී....

ඔබේ ඔය නෙතුවල හිමිකම් පතන මා

මගේ පණටත් වඩා පෙම් කළ බව දනී ඔබ
නොහැගුණා සේ හිදිණු ඇයි දැන්
ඔබේ වී දැන් ටික කලයි.....

බඩට පස් මස පිරුණ පමණයි

නැහැනෙ කෑමක කිසිදු පිරියක්
මගේ කුස තුළ වැඩෙන පණ ඔබෙ
රකිමි මා මගේ පණ දෙවැනි කොට....

ඇයි දෝ මාගෙන් දුරස් වී ඔබ
නෑ මගේ සිත ඊට පිළිතුරු
ඔබේ පුතු දැන් දැන් ඒවිදෝ
කියාදෝ ඔබෙ කල්පනාවන්....

ටිකෙන් ටික ඔබෙ පෘෂ්ඨිමත් ගත

ඇයිද දින දෙක තුනට අඩු වී
අසනීපයක් දෝ මාහට නොකියන
ඇයිද සෝදුක් වලින් පිරි ලෙස.....

පෙර දින ඇද සිටි ටී ෂර්ට්ටුවේ

තිබුණා රතු ලේ පැල්ලම් කිහිපයක් උරේ
ඇයිද කිසිවක් නොදොඩ ඉන්නේ
කිමද ගැටලුව කියනු මැන.....

ඇයි මගේ පණ නොකිය සිටියේ

තිබෙන රෝගය ගැන ඔබේ
කෙලෙස ඔබ අප අතැර යන්නද
මෙයයි අප තැනු සුර ලොවේ‘.....

Thursday, August 11, 2016



ඉපදුනොත් කෙනෙක් මරණය නියතයි  දහම
සැප සම්පත් පතා කරන දිවි             කොළම
කවදා කොහේදී යන්නට වෙිදැයි     නොදැන
ගෙවනවා ජීවිතේ අජරාමර               ලෙසට

Wednesday, August 10, 2016

මා ආදර අම්මාට'''....

කුස තුල සුර විමනක් සදා
හැදුවා මම දෙවි පුන් නියා
පෙරුම්පුරා දස මසක් පුරා
දැක්කා ඔබෙ රුව දෙව් රුවකි සදා.....

මට කවලා පොවලා මා දැඩි කළ හැටි             දනිමි
හැම මොහොකෙම දැනෙන සුවද නුඹගේ බව දනිමි
මට දැනෙනා දුක ඔබ හට දැනෙනා බව          දනිමි
නුඹ නොමැතිව ඉන්නෙ කෙලෙස මට නොමහැගමි

කෙල්ලෙක් වී ඉපදුනාම පිටට                    තමයි ලූ
නුඹ උණූහුම නොමැතිව පිට යන්නේ කෙලෙස දෝ
පුංචි කාලේ නුඹේ ලගින් ඉන්න                  හැඩුවලූ
අයිය එක්ක රංඩු වූණා නුඹට                   මතකදෝ

ඔන්න බබෝ ඇතින්නා කිය                    නැලෙව්වා
නුඹෙ සුමිහිරි නාදෙට මට සුර ලොව           මැව්ණා
බුදු සරණයි කියා මගේ හිස                        අත ගලා
පැතු පැතුමන් නිසා මගේ හෙට ලොව           දින්නා

බුදු සරණයි දෙවි පිහිටයි ආදර               අම්මේ
ධම් සරණින් හැම පැතුමන් ඉටු වෙිවා    අම්මේ

Sunday, August 7, 2016

සමයං ආදරේ...
කෙරුවා මම ආදරයක් පස් මසක් පුරා..
විදිනවා ආදරේ මහිම විදව විද    විදා     

 එයා කිවිව අයි ලව් යූ සෝ මච් කියලා
මම දන්නවා මට විතරක් නෙමෙයි එය කියා...

දවසක් දා යන විට මං පංතිය ඇරිලා
සිටිනවා දැක්කා ගහ යට කොල්ලො පිරිවරා
යන එන කෙළි රැන් පුරා ඇස් කරකවලා
දැක්කා මම බලනවා ඇස් කොනින් හිනැහිලා

තවත් දිනක් දැක්කා මං බසයක් තුළදී
පිටුපස ආසනෙ අයිනේ කෙල්ලෙකුට තුරුලු වී
දැක්කා මම රතු කම්මුල් ඉඹිනවා සැංගී
මට බෑ දැන් ඉමසන්නට උගෙ පලු ජාතී

ඵලක් වුණේ නෑ මගේ ආදරේ මේ පුරා
දැණුනවා මට තනිකම අද වෙනදටත් වඩා....... 




නිලකෂි කඩිගාව...

Tuesday, August 2, 2016

හය හතර නොතේරෙන එකාට දේශපාලනය මොන මගුලටද??

අපි ඉපදෙන්නේ කිසිවක් රැගෙන නොවේ. මේ ලෝකයෙන් යන්නට යන්නේද කිසිවක් රැගෙන නොවේ. බුදු දහමට අනුව නම් අපි මේ ලෝකයට කිසිවක් නොගෙනාවත් කිසිවක් රැගෙන නොගියත් කරන ගුණාගුණ වගේම කුසල් අකුසල් නම් අනිවර්යෙන්ම රැගෙන යනවාමයි.  ඕනෑම මවක් දරුවෙක් මේ ලෝකයට බිහි කරන්නේ විශාල බලාපොරොත්තු රැසක් හිතේ තබාගෙන. මම මේ කියන්නේ පව පින ගැන කතාවක් නෙමෙයි. ඊයේ එක්තරා රූපවාහිනී මාධ්‍යයක පල වුණු මේ දින වල වඩාත් කතාවට ලක් වන කරුණක් ගැන. ඒ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාව ගැන. නෑ නෑ ඒ පාද යාත‍්‍රාවේ එක් දුක්ඛදායක කණගාටුදායක සිද්ධියක් ගැන.
මට පාටක් නෑ. නමුත් මට ජාතියක් ආගමක් වගේම සංස්කෘතියක් තියනවා. ඒ වගේම ගුණයහපත්කම් වගේම හැදියාවකුත් තියෙනවා. මම හිතනවා ශ‍්‍රී ලාංකිකයන් විදියට අපි හැමෝටම අවේණිකයි කියන සමාජ රටාවක් සංස්කෘතියක දේවල් තියෙනවා කියලා. ලෝක සනාතන ධර්මතාවට අනුව ජීවිතයේ අවස්ථාවන් විවිධයි. හය හතර නොතේරෙන ලෙස ඉපදෙන අපිට ගමන් කරන්න සමාජ රටාවක් තියෙනවා.. ඒ ඒ අවස්ථාවන් නැත්නම් ජීවිතේ විවිධ අවධීන් වලදි ඉටු කරන්නට යුතුකම් ප‍්‍රමාණයක්ද තියෙනවා.
 ඊයේ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාවේ අවසාන දවස. මේ පාද යාත‍්‍රාව ගැන විකාශය කරන එක්තරා නාළිකාවක් රාත‍්‍රී 10 ප‍්‍රවෘත්ති විකාශනයෙහි බාලවයස්කාර කුඩා දරුවකු තද නිල් පැහැ ටී-ෂර්ට් එකක් ද ඇ`ද කෑගහන දර්ශනයතක් තිබුණා මෙන්න මෙහෙම .....
    රට බේරාගත් අප්පච්චීට ජය වේවා
    ආප්පයා අපට එපා
    ආප්ප හොරා අපට එපා......
    මම ටිකක් මේක ගැන කල්පනා කළා මේ වෙන්නේ මොකද්ද කියල. ඒ ළමයට අවුරුදු 12ක් විතර ඇති උපරිම.මේ ළමයා කියන දේවල් වලට අපේ රටේ ඉන්න පුත්තලං බූරුවෝ ඒ කිව්වේ ඒ වෙලාවේ එතන හිටපු වැඩිහිටියෝ ටික දෙන සප් එක කියලා වැඩක්. ළමයා තව තවත් ෆෝම් කර කර... ඒ මදිවට ඒ ළමයා කරපු යහපත් ක‍්‍රියාවට අලි බඩ තඩියෙක් ඇවිදින් කොල්ලව ඉඹිනවා. ටිකක් කල්පනා කරල බලන්න මේ වුණ දේ විය යුත්තක්ද කියලා. දෙමව්පියන්ට වැඩිහිටියන් විදියට ඡන්දය පාවිචිචි කරන තියෙන බල තල එක්ක තමාගේ කැමැත්ත ඉදිපත් කරන්න පුලූවන් . ඒත් තවමත් හයක් හතරක් නොතේරෙන  පොඩි එකෙක් දේශපාලන අතකොලූවක් විදියට සමාජයේ උපහායට ලක් වන කෙනෙක් විම කෙතරම් සාධාරණද?


    ඇත්තෙන්ම මට මෙහි ජාතිය ආගම පාට පක්ෂ වලින් මෙලෝ වැඩක් නෑ. මට අදාලත් නෑ. ඒත් මට අදාල එකම දේ තාමත් කටේ කිරි සුව`දවත් ගියපු නැති නොදරුවන් දේශපාලන අතකොලූ ලෙස භාවිතයට ගැනීමට තරම් රටේ අනාගත ආරක්ෂා කළ යුතු නිර්මාපකයන් මෙතරම් කුජීතද යන්නයි. මේ විදියට කුඩා දරුවන්ටත් දේශපාලනය කරන්නට එළි පිටම ඉඩ දෙන්නේ නම් ලාංකික පුරවැසියන්ට තම ඡන්දය ලබා දෙන්න නියමිත වයසක් දුන්නේ මෙන මගුලටද? දැන් අධ්‍යපනය ලැබිය යුතු කාලයේත් දරුවන් තුළ මෝදු වන්නේ දේශපාලනය නම් අධ්‍යාපනයක් මොකටද? මේ රටේ අනාගතය ගැන විශාල ගැටලූවක්?
    මෙහිදී මේ දරුවගේ දෙමව්පියන්ගේයි සම්පූර්ණ වැරුද්ද. ඉගෙන ගන්න තියෙන කාලේ මේ දේශපාලන කෙමෙල්මල් වලට දරුවන් රැගෙන ඒම. ඒවාට දරුවන් පොළඹවීම සම්පූර්ණ වැරදියි. එක අතකින් අද මාධ්‍ය මගින් දරුවන්ට ලබා දෙන්නේ හොද දේවල් නෙමෙයි. ලංකාවේ සෑම මාධ්‍යකම වැදගත්ම ප‍්‍රවෘත්ති බවට පත් වෙලා තියෙන්නේ දේශපාලනය. දරුවෙක්ට කිසිදු මාධ්‍යයකින් අධ්‍යයපනික වශයෙන් වැදගත් වන කිසිම දෙයක් නෑ. ඔවුන්ගේ මොල දැන් ඉදන්ම දේශපාලනයෙන් පිරිල ඉවරයි. මේ රටේ අනාගතයේ විනාශය මිසික වෙන මොකක්ද. ??????????????

Saturday, July 30, 2016



 විහිලු ආදරේ.......

කෝඩුකාර නෙතු අද්දර
මිලාන වී මගේ සිත් ආදර.....
පවසනවා මට නොහැගෙන බොහෝ දේ....
විටෙක නුහුරු බසින් මට නොතේරෙන.,,,,,,
මට හිතයි ඒ ඔබ මට කළ
  විහිලු ආදරේද කියා.......

Monday, July 25, 2016

අහිමි පෙම....
 

විඩාබර නෙත් අතර
ඔබ සොයනා සොදුරු පහස...
මට නොහැගෙයි මගේ විඩාබර සිතට
ඔබ පැතූ පැතුම්
ඔබ සිතූ සිතුම්
අයාලේ යයි මගේ විඩාබර සිත නිසිම....
මා අයදී සමා ඔබෙන් දස දහස්වර
නැත මට ඉන් සමා...
ඔබ වෙනකෙකුගේ තුරුළ මත.....
සිය සිතැ`ගි දසුනින් ජන මන බැන්දු යුගයේ දැවැන්ත සිනමා කරුවා ස්ටීවන් ස්පිල්බර්ග් ''''



   1946 දෙසැම්බර් 18 වන දින ඇමරිකාවේ ඔහිහෝ හි සින්සිනාට් වල උපත ලද මොහු නමින් ස්ටීවන් ස්පිල්බර්ග් ය. ඇමරිකාවේ සාමාන්‍ය යුදෙව් පවුලක උපත ලද මොහු ගේ මව නමින් ලීහ් ඇඞ්ලර් පොන්ස්නර් වේ. ඇය අවන්හල් හිමිකාරිනියක් හා විවිධප‍්‍රසංග පියානෝ වාදන ශිල්පිනියකි. ඔවුගේ පියා ආනෝර්ල්ඞ් ස්පිල්බර්ග් වෘත්තීයෙන් විදුලි ඉන්ජිනේරුවරයෙකි. ස්පිල්බර්ග් ගේ ළමා අවධිය නිව් ජර්සි හි හැඩන් ටවුන් ශිප් න් ගමෙහි ගත කරනු ලැබූ බව ඔහුගේ වාර්තා කතා සාක්ෂි දරයි.
කුඩා වියේ සිට කලාව උරුම කර ගත් ඔහුගේ පලමු පාසල් ජීවිතය වසර 03 ක් පමණ ඇරිසෝනාවේ ෆීන්ක්ස් ප‍්‍රදේශයේ ඇකේඩියා උසස් පාසල යටතේ ගෙවුණු අතර පසුව ඔහු 1965 වසරේදී උසස් අධ්‍යාපනය ස`දහා කැලිෆෝනියාවේ සාරාටෝගා උසස් පාසල තුළින් නිම කරනු ලැබූ බව ස`දහන් වේ. කලාව පිළිබ`ද දැඩි අශාවක් පැවැති ඔහු කැලිෆෝනියාවේ චිත‍්‍රපට විශ්ව විද්‍යාලයට අයදුම් කරනු ලැබුවද එය දෙවරක්ම අසාර්ථක විය. එතැනින් නොනැවතුණු ස්ටීවන් පසුව කැලිෆෝනියාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත‍්‍රවේදී උපාධීයක් හිමි කර ගැනීමට ද සමත් විය.
අනාගත ලෝකය තම කලාත්මක පරිනත හැකියාවෙන් සංවර්ධනය කරන්නටත් ලොව දිදුලන චරිතයක් බවට පත් කරන්නටත් මොහු ගැමි ජීවිතයක් ගත කිරීම ඉවහල් වූ බව පෙනේ. මොහුගේ ජීවිතට සිනමාව යන කලාව සම්බන්ධ වීමට බලපාන වැදගත්ම සන්ධිස්ථානයක් වශයෙන් මුල් වරට ඔහු චිත‍්‍රපට ශාලාවක චිත‍්‍රපටයක් නැරඹීම විචාරකයෝ පවසති. මෙලෙස තම කුඩා අවධියේ පටන් යම් යම් කලා හැකියාවන්ගෙන් තම ජීවිතය සුපෝෂණය කර ගත් ඔහු නිතර නිතර යම් යම් අත්හදා බැලීම් හි නිරත විය. ස්පිල්බර්ග් තම බද්‍ර යෞවන වියේදී තම ඇරිසෝනාහි ස්කොට්ඬේල් වලදී තම ආත්ම තෘප්තිය ස`දහා 8 ප‍්‍රමාණයේ ත‍්‍රාස්්‍යජනක චිත‍්‍රපටියක් ඔහුගේ යහළුවන් සම`ග ස්කොට්ඬේල් හි පිනකන් පීප් පාශියෝ අවන්හලේදී රූගත කර නිර්මාණ ජීව්තයට ප‍්‍රවිශ්ඨ වූ බව ස`දහන් කල යුතු වේ. මෙය මොහුගේ ජීවිතයේ පළමු පියවර සේ විචාරකයෝ සලකතිx එමතුද නොව මොහු තම යොවුන් වියේදීම (1958* තරුණ බාලදක්ෂයෙකු වී එහි ඡුායාරූප ප‍්‍රදර්ශනයක් ස`දහා සිය දෙවන නිර්මාණය එළි දක්වන ලදී . 8 ප‍්‍රමාණයේ මිනිත්තු 9 ක චිත‍්‍රපටියක් වූ මෙය නමින් ද ලාස්ට් ගන් ෆයිට් වේ. මෙම චිත‍්‍රපටිය නිර්මාණය වීමට හේතු වු කරුණ ස`දහන් කළ යුතුම වේ. බාල දක්ෂ ඡුායාරූප උළෙල ස`දහා ඡුායාරූප ලබා ගැනීමට තිබූ සිය පියාගේ එකම නිශ්චල කැමරාව කැඞී තිබීම මෙම නිර්මාණයේ ආරම්භයට මං විවර කරන ලදී . ස්පිල්බර්ග් විසින් සිදු කළ ආදුනික ගණයේ චිත‍්‍රපටයක් වූ නමුත් මෙය සම්ානයක් දිනා ගැනීමට තරම් සමත් වීම ද මොහුගේ ඉදිරි ගමන ආලෝකමත් කළේය. උප්පත්තියෙන්ම කලාව යන්න මිට මොලවාගෙන පැමිණි ස්පිල්බර්ග් තම ජීවිතයේ වැඩි කාලයක් කලා කටයුතු වලට නැතහොත් තම සිනමා ජීවිතයට කැප කරනු ලැබීය. ඉතාමත් ලාබාල වියේ සිට සිනමාව තම ආත්මය කොට ගත් මොහු අවුරුදු 13 දී මිනිත්තු 40 ක යුධ චිත‍්‍රපටියක් නිර්මාණය කරනු ලැබූ අතර එයට සම්මානයෙන් පිදුම් ලැබීමට පවා මොහු භාග්‍ය හිමි කර ගන්නා ලදී . එම සිනමා කෘතිය නමින් ස්කේප් ටු නව්හියර් වේ. කෙසේ නමුත් මෙතැනින් නොනැවතුණු ස්පිල්බර්ග් නැවත නැවතත් සිනමා ජීවිතයේ නව මං නිර්මාණකරනයට පිවිසීය. මින් අනතුරුව 1963 දී මොහුට අවුරුදු 16ක් තරම් බාල අවධියේදී තම  සිනමා ජීවිතයේ තවත් පැතිකඩක් නිර්මානය කිරීමට මොහු සමත් වන ලදී .  එනම් තමා විසින්ම රචනා කොට තමා විසින්ම චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරනු ලැබීමයි . මිනිත්තු 140 ක් පුරා දිව යන මෙම චිත‍්‍රපටය දිව යන්නේ බිය ත‍්‍රාස්‍ය මුසු කරමිනි. එය නමින් පයර්ලයිට් ය. තමාටම ආවේණික ක‍්‍රමවේදයන්ගෙන් සිය නිර්මාණ සුපෝෂණය කළ ස්පිල්බර්ග් සෑම විටම එකම තේමාවකට ඇලී ගැලී නොසිට සැම විටම නව මුහුණුවරකින් යුතු සිනමාපට නිර්මාණය කිරීමට සමත් විය. සිය චිත‍්‍රපට තේමාවන් විවිධත්වයකින් යුක්ත වීම මොහුටම ආවේණික වූ ලක්ෂණයක් බව විචාරකයෝ පවසති.
    සාමාන්‍ය චරිත හා අසාමාන්‍ය චරිත පිළිබ`ද යතාර්ථවාදීව ගවේෂණය කිරීම.
    අමුතු ලෝක, කල්පිත දෑ වස්තු විශය කොට ගැනීම.
    තම පියාගේ විද්‍යා ප‍්‍රබන්ධ වලට ජීවය ලබා දීම.
        බිය, ත‍්‍රාස්‍යජනක බව, විකට, ආදරණීය, ක‍්‍රියාදාම සිදුවීම වලට පණ පෙවීම.
        කැමරාව තමාට ආවේණික ලෙස යොදා ගෙන විවිධ දර්ශන මැවීම.
ආදී තේමාවන් රැුසක් ස්පිල්බර්ග් තම සිනමා ලෝකයට එක් කර ගන්නා ලදී . සමාජයේ ජීවත්වන සෑම සමාජ තලයක  පුද්ගලයකුට  වුවද රස වි`දිය හැකි වන පරිදි නිර්මාණය කළ චිත‍්‍රපට විශාල ප‍්‍රමාණයක් අද පවා ලෝකයේ කතාබහට ලක්ව ඇත . එකම තේමාවක පමණක් සිය සිනමා බිහි නොකරනු ලැබු මොහු තම කාර්යය නිසි අයුරින් ඉටු කළ විශිෂ්ඨයන් අතර විශීෂ්ඨයෙක් ලෙස ස`දහන් කිරීම නිවැරිදි වේ.
තම පියාගේ යුධ කතා පුවත් පරිශිලනය කරනු ලැබූ ස්පිල්බර්ග් ඒවා තම නිර්මාණයන්ට දායක කර ගන්නා ලදි. මොහු දෙවන ලෝක යුද්ධය පිළිබ`ද නිර්මාණය කරනු ලැබූ බොහොමයක් චිත‍්‍රපටි තම පියාගේ යුධ කතා පුවත් අභාසය කොට ගෙන නිර්මාණය කරනු ලැබූ ඒවා බව ඔහු වරෙක ස`දහන් කොට තිබේ. තමා සතු සහජ දක්ෂතාව සිනමා ජීවිතය තුළ නැවතත් සලකුණත් තබන්නට මොහු නයිට් ගැලරි  නම් ආයතනය සම`ග 1969 දී සම්බන්ධ වී සිනමාපට මෙන්ම රූපවාහිනී වැඩසටහන් ගණනාවක්ම නිර්මාණය කිරීමට තම දායකත්වය ලබා දී තිබීමද මොහුගේ ජීවිතයේ සැලකිය යුතු තවත් කරුණකි.  නයිට් ගැලර් සම`ග ස්පිල්බර්ග් ගේ ඔ්න් මාර්ෂල්, කොළොඹෝ ආදී චිත‍්‍රපට රැුසක් නිර්මාණකරනයට සිය දායකත්වය ලබාදීමට අමතක නොකළේය. නයිට් ගැලරි හා සම`ග සම්බන්ධ වීමෙන් තමා තුළ පැවැති නිපුණත්වය තව තවත් වර්ධනය කර ගැනිමට සමත් වූ ඔහු පසුව ඇමරිකාවේ වඩාත් ජනප‍්‍රිය හා දැවැන්ත ස්ටූඩියෝවක් වන යුනිවර්සල් ස්ටූඩියෝ සම`ග සම්බන්ධ වී තම සිනමා ජීවිතය තුළ නව මල් විකසිත කරන්නට ආරම්භ කරන ලදී . රූපවාහිනී කතාංග වැඩසටහන් හා සිනමාපට විශාල ප‍්‍රමාණයක් මෙම සමාගම සම`ග සම්බන්ධ වී සිදු කළ ස්පිල්බර්ග් විශාල සම්මාන රැුසකටද හිමිකම් කීමට භාග්‍ය හිමිකර ගන්නා ලදී . මෙම සමාගම සම`ග සිදු කළ මෙහු ගේ නිර්මාණ මෙසේ පෙළගැස්විය හැකි වේ.
 රිචඩ් මෙත්සොන් ගේ ඩුවෙල් (මෙම චිත‍්‍රපටය බි‍්‍රතාන්‍ය ජාතික විචාරකයෙකු  විසින් ඇගයීමටද ලක් කරනු ලැබු අතර මෙය ස්ටීවන්ගේ අනාගත ලෝකයේ මං සලකුණු ලෙසත් ඔහු ස`දහන් කර තිබේ.
 සම්තින් එවිල් ආදයම් වාර්තා වලින් හා ජනප‍්‍රියත්වය අතින් වඩාත් ඉහළ මට්ටමේ චිත‍්‍රපටයක.
කෙසේ නමුත් තම සිනමා ජීවිතය අඩියෙන් අඩිය ඉහලට තැබූ මොහු තම පළමු වෘතාන්ත චිත‍්‍රපටය ලෙස  ද සගර්ලන්ඩ් එක්ස්ප‍්‍රස් නම් චිත‍්‍රපටය නිර්මාණය කරන ලදී . මොහුටම ආවේණික වූ ශිල්පීය දක්ෂතා වලින් සන්නද්ධ කරන ලද මෙම සිනමාපටය පිලිබ`දව හොලිවුඞ් වාර්තා ස`දහන් කරන්නේ මෙසේය.
    ප‍්‍රධාන අලූත් අධ්‍යක්ෂකවරයෙකු කරලියට පැමිණේ....... යනුවෙනි.
එසේම මෙතකින් නොනැවතුණු ස්පිල්බර්ග් යුනිවර්සල් ස්ටුඩියෝ සම`ග ත‍්‍රාස්‍යජනක චිත‍්‍රපටයක් ලෙස  ජඔ්ස් නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කරන ලදී x මිනිමරු මෝරෙක් පිළිබ`දව කතාව දිග හැරෙන මෙම චිත‍්‍රපටයට ඇකඩමි සම්මාන පවා දිනා ගැනිමට හැකිවිය. හො`දම සංස්කරණයට හා හො`දම ශබ්ද පරිපාලනයට ආදී වශයෙන් එකී සම්සාන ලැයිස්තු ගත කළ හැකි බව ස`දහන් කළ යුතු වේ. එසේම ආදායම් වාර්තා බි`ද දමා ඇමරිකාව තුළ ස්පිල්බර්ග් යන නාමය දිදුළවන්නට මෙම සිනමා කෘතිය මහ`ගු පිටුවහලක් විය.
ස්ටීවන් ස්පිල්බර්ග් නම් මහා සිනමාකරුවාගේ ජීවිතයේ අතිශය වැදගත් අවධියක් ලෙස 1975 සිට අද වර්තමානය දක්වා කාලය ස`දහන් කළ හැකි වේx වෘත්තීය වශයෙන් විශාල වැඩකටයුතු රැුසක් ස`දහා මුලපුරන මොහු එයින් බොහොමයක් අති සාර්ථක තත්ත්යට පත්කර ගැනීමට ඔහුගේ නිර්මාණාත්මක බුද්ධියට හැකි වියx 1977 දී තමා විසින්ම රචනා කර අධ්‍යක්ෂණය කරන ලද දෙවන ස්වතන්ත‍්‍ර චිත‍්‍රපටය වනක්ලෝ එන්කවුන්ටර්ස් ඔප් ද තර්ඩ් කින්ග් එකල විචාරකයින්ගේ නුවන් පෑදු චිත‍්‍රපටයක් බවට පත් විය. මීට අමතරව,
ද වර්ල්ඩ් වෝ 2
ජුරාසික් පාර්ක්
හුක් ආදිය මෙහුගේ චිත‍්‍රපට අතර ප‍්‍රධාන වේ.

 මේ ආකාරයට විශාල නිර්මාණ කාර්යයක් සිදු කළ ඔහු තමා විසින් තවත් අනුගාමිකයින් දෙදෙනෙකු සම`ග 1994 දී ඩ‍්‍රීම් වර්ක්  නමින් ස්ටූඩියෝවක් ආරම්භ කර තම කලා කටයුතු සිදු කරන ලදී.  වරෙක මොහු තම කලා කටයුතු ස`දහා ලංකාවට පැමිණි බව වාර්තා ගත තතු අනාවරණය කරයිx 1998  සේවින් ප‍්‍රයිවට් රයම් නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කළ අතර එය එම වසරේ කරනු ලැබූ නිර්මාණ අතරින් විශාලතම නිර්මාණය මෙන්ම වසරේ හො`දම අධ්‍යක්ෂණයට හිමි ඇකඩමි සම්මානයෙන්ද පිදුම් ලැබීමට මොහු සමත් විය. එසේම 2009 වර්ශයේදී මොහු ගේ තවත් දක්ශතාවක් උරගා බලමින් නිර්මාණය වූ ද ඇඩ්වෙන්චර්ස් ටින් ටින්  හා ගෝල්ඩන් ග්‍රෝබ් චිත‍්‍රපටද සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.එය පරිගණක සජීවීකරණය උපයෝගී කොට ගෙන සෑදු චිත‍්‍රපටයකි.
කෙසේ නමුත් මොහු විසින් සිදු කළ සිනමාපට මෙතකැයි කියා ස`දහන් කිරීමට තරම් මෙම ලිපිය ප‍්‍රමාණවත් යැයි මම නොසිතමි.

Sunday, July 24, 2016

පරස්පරය
විකසිත නෙලුම් මල් දහසක් පිපිලා  දියඹේ....
හිනාහෙයි සරදමින් රත් පියුමන්      තඹරේ.....
මට සරදමක් දෝ මේ ලෙස කළ      පියුමේ.....
ඔබ නැති නිසා මම තවමත් විල්       අඹරේ....

මදහස පා සිනාසෙන මල්දම්              අතරට...
මට යා හැකිද මා මල් මෙන්        නොවුණාට...
ලෝකය සියල්ලම මැවුවේ නෑ             සමට...
මට නැති සුවද මනකළ ඇයි ඇත්තේ   නුඹට...