Wednesday, August 10, 2016

මා ආදර අම්මාට'''....

කුස තුල සුර විමනක් සදා
හැදුවා මම දෙවි පුන් නියා
පෙරුම්පුරා දස මසක් පුරා
දැක්කා ඔබෙ රුව දෙව් රුවකි සදා.....

මට කවලා පොවලා මා දැඩි කළ හැටි             දනිමි
හැම මොහොකෙම දැනෙන සුවද නුඹගේ බව දනිමි
මට දැනෙනා දුක ඔබ හට දැනෙනා බව          දනිමි
නුඹ නොමැතිව ඉන්නෙ කෙලෙස මට නොමහැගමි

කෙල්ලෙක් වී ඉපදුනාම පිටට                    තමයි ලූ
නුඹ උණූහුම නොමැතිව පිට යන්නේ කෙලෙස දෝ
පුංචි කාලේ නුඹේ ලගින් ඉන්න                  හැඩුවලූ
අයිය එක්ක රංඩු වූණා නුඹට                   මතකදෝ

ඔන්න බබෝ ඇතින්නා කිය                    නැලෙව්වා
නුඹෙ සුමිහිරි නාදෙට මට සුර ලොව           මැව්ණා
බුදු සරණයි කියා මගේ හිස                        අත ගලා
පැතු පැතුමන් නිසා මගේ හෙට ලොව           දින්නා

බුදු සරණයි දෙවි පිහිටයි ආදර               අම්මේ
ධම් සරණින් හැම පැතුමන් ඉටු වෙිවා    අම්මේ

2 comments: