Friday, August 12, 2016

පේ‍්‍රම සෝ තැවුල්.....

සින්නක්කරම ලියා දෙමි මගේ ජීවිතේ
කැපකර සියලු දේම ඔබ වෙනුවෙන්
දැනුණොතින් මා කරදරයක් කියා
යන්නෙමි ඔබ රහසේම සැ`ගවී....

ඔබේ ඔය නෙතුවල හිමිකම් පතන මා

මගේ පණටත් වඩා පෙම් කළ බව දනී ඔබ
නොහැගුණා සේ හිදිණු ඇයි දැන්
ඔබේ වී දැන් ටික කලයි.....

බඩට පස් මස පිරුණ පමණයි

නැහැනෙ කෑමක කිසිදු පිරියක්
මගේ කුස තුළ වැඩෙන පණ ඔබෙ
රකිමි මා මගේ පණ දෙවැනි කොට....

ඇයි දෝ මාගෙන් දුරස් වී ඔබ
නෑ මගේ සිත ඊට පිළිතුරු
ඔබේ පුතු දැන් දැන් ඒවිදෝ
කියාදෝ ඔබෙ කල්පනාවන්....

ටිකෙන් ටික ඔබෙ පෘෂ්ඨිමත් ගත

ඇයිද දින දෙක තුනට අඩු වී
අසනීපයක් දෝ මාහට නොකියන
ඇයිද සෝදුක් වලින් පිරි ලෙස.....

පෙර දින ඇද සිටි ටී ෂර්ට්ටුවේ

තිබුණා රතු ලේ පැල්ලම් කිහිපයක් උරේ
ඇයිද කිසිවක් නොදොඩ ඉන්නේ
කිමද ගැටලුව කියනු මැන.....

ඇයි මගේ පණ නොකිය සිටියේ

තිබෙන රෝගය ගැන ඔබේ
කෙලෙස ඔබ අප අතැර යන්නද
මෙයයි අප තැනු සුර ලොවේ‘.....

4 comments: