Sunday, July 17, 2016




කර්ම.......

දින ගණනාවක් පුරා නොකඩවා පොළවට වැටෙන වරුසාවේ කෙළවර කෙදිනකද කියා , බුලත් විටක් සපමින් සිටි ඇසිලින් ගෙයි දොරකඩට වී කල්පනා කරන්නට විය.
‘‘ජීවිතේ දැනුම් තේරුම් වෙන්න ගෙන දැන් අවුරුදු හැත්තෑවක් විතර වෙච්ච මට තවමත් නිවනක් නැති හැටි...යි සිතමින් සිටි ඇසිලින් ක්ෂණයකින් පියවි සිහියට පැමිණෙන්නේ ගෙතුලින් නැගුණු බෙරිහන් දෙන හැ`ඩුම් හෙ`ඩනි.
වයසින් අවුරුදු හැත්තෑ හතර වියත් පසු වූ ඇසිලින්ගේ දරුවන් අට දෙනෙකුගෙන් යුතු බාලම පිරිමි දරුවා උප්පත්තියෙන්ම ස්නායු රෝගයෙන් පෙළෙන අබ්භගාතයෙකි. දැනට අවුරුදු තිස් පහක් පමණ වන ඔහු ඉපදෙන්නේ ඇසිලින්ගේ සැමියා නොහොත් දරුවන්ගේ පියා ක්ෂය රෝගයෙන් මරණයට පත් වීමත් සමගයි.
මහ වර්ෂාවේ හ`ඩත් ජයසිරිගේ හැ`ඩුම් දෙන හ`ඩත් කොහේ කොතැනින් පැමිණෙන්නේ ද යන්නට හරි හැටි නියව්වක් නැති ඇසිලින් කලබල වී පැළ තුලට යන්නට විය.
‘‘මොකෑ පුතේ උඹට බඩගිනියි ද... බඩ පුරවා ගන්ට මොකවත් හදන්ඩවට මට පිරියක් ශක්තියක් නෑ බොල හිටින්කෝ පොඞ්ඩක්....’’  කියමින් ගිය ඇසිලින් වහා මඤ්ඤොක්කා අලයක් සුද්ද කරන්නට විය.
 ජයසිරි හා ඇසිලින් පමණක් ජීවත් වූ මේ පැලට කිසිවෙකුගේ උදව්වක් , පැමිණීමක්, පිළිසරණක් නොමැති වීම ඔහුගේත් ඇගේත් පෙර කල කරුමයක් දෝ සිතේ.  ඇසිලින්ගේ දරුවන්ගෙන් ජයසිරි හැරුණු විට අනිත් කිසිවෙකුගේ සැලකිල්ලක් නොලබන මේ මව සහ බාල සහෝදරයාට හදිසියේදී ගමේ එකෙකු පවා අනුකම්පා නොකළාය.
වයසින් අවුරුදු තිස් පහක් පමණ වන ජයසිරිගේ දවසේ කටයුතු ගලා යන්නේ හරිම ඒකාකාරී ලෙසිනි. ගෙතුල මත එලන ලද පන් පැදුරක් තුළ වැතිරී සිටින ඔහුගේ පැදුර වටා ලී වලින් වැටක්ද සවි කර තිබේ. විටෙක මු`ඵ ගමටම ඇසෙන්නට හ`ඩන්නටත් , විටෙක සුර බඹුන් සමග කෙළි සෙල්ලමේ යෙදෙන්නාක් මෙන් හිනැහෙන්නටත් ඔහුට ගතවෙන්නේ ඉතා සු`ඵ කාලයකි. ඇසිලින්ට සවි ශක්තික ඇති කාලයේ ජයසිරිව ඉතාමත් පිරිසිදුව තැබීම ඇගේ පළමු කාර්යය විය. නමුත් දැන් දැන් ඇගේ ශරීරයේ අප‍්‍රාණික බවත් විටින් විට ඇති වන රෝග නිසාත් ඇගේ රාජකාරිය මදක් දුරස් වී තිබුණි. දැන් දැන් ඔහු එක තැන සිදු කරන මුත‍්‍රා නිසා ගෙය පුරා මුත‍්‍රා තුයිලයද වැඩිය.
හනිකට මඤ්ඤොක්කා අලයක් තම්බා පොල් ටිකක් සමග ජයසිරිට කවන්නට ගෙනෙන විට මහ හ`ඩින් හ`ඩමින් සිටි ඔහු මහා ප‍්‍රීති ප‍්‍රමෝදයකින් සිනා සෙමින් සිටියේය. එය දුටු ඇසිලින්ට මද සිනහවක්ද නැගුණි. අලයක් දෙකක් හො`දින් පොඩි කර කටක් දෙකක් ජයසිරිගේ බඩට යන විට ඇසිලින් නැවතත් කල්පනාවට බර වූවාය.  ඇගේ ජීවිතයේ බොහෝ ඉඩ කොටසක් ජයසිරිටත් , කල්පනා ලෝකයට භාර වී තිබුණි.  ඒ සමගම ඇගේ දෑස් උණු වතුරින් තෙත් වී පහලට දිය ඇල්ලක් සේ ගලාගෙන වැටෙන්නේ ඇගේ සිය දරුවන් පිළිබ`දව වූ කළකිරීමක් බ`දු වූ හැ`ගීමෙනි.
‘‘ ලොකු එකා හමුදාවට බැ`දුණ බැ`දුණමයි ඉන්නවද මලාද කියල නිච්චියක් නෑ. කෙල්ලො තුනක් වැදුවට මොකද උන්ට අම්මෙක් ඉන්නවද කියලවත් ගානක් නෑ. අනේ මමත් දරුවො අටක් වැදුවනේ මේ බඩින්....’’ කියමින් ඇසිලින් ඈටම මුමුණන්නට විය.
අහල පහල කිසිවෙකු මෙම අසරණ මව සහ පුතු දෙස නොබැලූවත් ඇසිලින්ට දුකට සැපට කියලා සෝමාවතී හැමවිට ළ`ගින් සිටියාය. සෝමාවතී කසාදයක් කරගෙන සතියක් හමාරක් වෙච්ච ඇය වැන්දඹුවක් වූයේ ඇගේ අවාසනාවටදෝ සිතේ. අසරණ ඇසිලින්ගේ සම වයසේ වෙසෙන ඇය පමණක් ඇසිලින්ගේ කල්‍යාණ මිතුරිය වී සිටියාය.
ගොඩින් සහ මඩින් අක්කර පහක් පමණ තිබුණු ඇසිලින් හා සෝමාවතී දෙපවුලම ජීවත් වූයේ එයින් ලැබෙන මොනයම් වූ දේකිනි. මඩ ඉඩම් හා ගොඩ ඉඩම් වලින් ලැබෙන ආදායමින් යම් කොටසක් මේ අසරණ ජයසිරි වෙනුවෙන් ඉතිරි කිරීමට ඈ අමතක නොකළාය.
අවුරුද්දේ දවස් තුන්සිය හැට පහම ඒකාකාරී ලෙස ගෙවන ඇසිලින් හා ජයසිරිට දිනක් හදිසියේ කාල සටහන වෙනස් කරන්නට සිදු විය. ඒ ඇසිලින් හදිසියේ ලෙඩ වීමත් සහ මෙතෙක් තම මවත් සොයුරාත් ගැන කිසිදු තැකීමක් නොමැතිව සිටි පවුලේ මද්දුමයා තම බිරි`දත් දරුවන් සිවු දෙනාත් රැුගෙන ඇසිලින්ගේ නිවසට පැමිණීමත් සමගය. තම බිරි`දගේ ඉඩකඩම් වලින් ලැබුණු දේකින් ජීවිතය සරි කරගත් මද්දුමයා ඇතු`ඵ පවුල තම අසරණ මෑණියන් අසලට පැමිණීමට හේතුවක් තිබුණි. මන්ද කවදත් බීමට ලොල් වූ මද්දුමයා විසින් උකස් තැබූ කුඹුරු ඉඩකඩම් සින්න වීමත් සම`ග ඔවුන්ට යන එන මං නැතිවිය. අවුරුදු ගණනාවක් තිස්සේ කිසිවෙකුගේ ආදරයක් කරුණාවක් නොලද ඇසිලින්ට හිටි හැටියේ පාන ආදරය ගැන සැක හිතුණා නොවේ. නමුත් අද දාරක පේ‍්‍රමයෙන් සිටි තැනම හි`ද ක`දු`ඵ වගුරවමින්.
‘‘ දැන් ද පුතේ උඹලට මාවයි උඹේ මලයවයි මතක් වුණේ...’’
‘‘ උඹලා වෙනුවෙන් දුක් වි`දලා ඇති මම මේ පොළොවේ වැළි කැට ගානට. උඹේ අප්පුච්චා අන්ත‍්‍රා වුන දා ඉ`දලා මම මං ගැනත් නොහිතා උඹලව උස් මහත් කළේ පුතේ... ඒ උඹලා මේ කාලකණ්ණි අම්මා දිහා ඇහැක් ඇරලවත් බැලූවෙ නෑ මගේ පුතේ.... කියමින් ඈ හ`ඩා වැළපෙන්නට විය.
එවිට මද්දුමයා,
‘‘හරි අම්මේ දැන් අපි මේ ඉන්නේ.... අම්මට නැද්ද සුමනෝ... කියමින් ඔහු තම බිරි`ද දෙස බැලූවේය. ඈ ගස්සා ඉවත බලා ගත්තාය.
අවුරුදු ගණනාවක් පුරා ගැහැණියකු ලෙස ඇසිලින් වි`දි වේදනා දුක් ගැහැට පිළිබ`ද සිතමින් ගෙයි පිළ උඩට වී සිටිද්දී හිටි හැටියේම තම ලේලියගේ උස් කටහ`ඩක් ගෙතුලින් ඇසෙන්නට විය. එය දැන් දැන් පැහැදිලිව ඇසෙයි. ඇසිලින්ගේ සිත තව තවත් වේදනාවෙන් බර වන්නට විය.
‘‘උඹ තමයි මේ හැමදේකටම මුල... අපේ කාලකණ්ණි කමට අපිටත් මෙහෙමම රිංගන්ට වුණා නොවැ... අනේ පුතේ උඹ එහෙම මේ පිස්සු එකා ල`ගට එහෙම යනවා නෙවෙයි...’’ කියමින් ඇය අසරණ ජයසිරිට පොල් කොළයක් උලූක් කරමින් බැණ වදිමින් සිටියාය. දැඩි වේදනාවෙන් ඉවසා අසා සිටි ඇසිලින්, ‘‘අනේ පුතේ ඔය අසරණයට බනින්ට එපා... ඌට මොනවා තේරෙනවා කියලද... කියමින් ඔහු අසලින් බිම දිගා විය.

’’ දිනක් උදෑසන මද්දුමයා....,
 ‘‘ අම්මේ දැන් අම්මටත් හො`දටම වයසයි ඇරත් දැන් ජයසිරි බලාගන්ටත් බෑ නොවැ. , අම්මට මේ වැඩපොළ තනියම කරගන්ට බැරි එකේ නරකද අම්මේ මේ ඉඩකඩම් ටික මගේ නමට පවරලා  හිටියනම්. නැත්නම් උඹ මැරුණම මේ ගමේ එකලා එයි මේවට අයිතිවාසිකම් කියන්ට...’’ කියමින් ඈත වෙල් යාය දෙසත් ඇසිලින් දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය.
මදක් නිහ`ඩව සිටි ඇසිලින්,
‘‘අනේ එහෙම කරන්නේ කොහොමද මගෙ පුතේ මම මැරුණට මේ අසරණයට මැරෙනකන් වැටිලා ඉන්ට මේ ටිකවත් තියන්ට  ඕනෑ නොවැ...’’ කියමින් හි`ද සිටි තැනින් නැගිට මිදුලට පැන ගත්තාය.
ජීවිතයේ අවසන් කාලයේ විවේකී සුවයෙන් හා බණ භාවනාවෙන් ජීවත් වන ඇසිලින්ගේ සම වයසේ උන්ට වඩා ඇසිලින් හාත්පසින් වෙනස් විය. උපන් දා සිට දුක පමණක්ම ජීවිතයට එක කරගත් ඇසිලින්ගේ ජීවිතයට පැවති එකම බර වූයේ තම බාලම පුත් ජයසිරි ය. ජීවිතයේ එකම බර හා එක බලාපොරොත්තුව  වූ ජයසිරි දැන් තව තවත් ඔත්පල විය. ‘‘ පෙර ආාත්මයේදී පටන් කළ පවු කන්දරාව තමයි පුතේ මේ අපට ලැබිලා තියෙන්නේ....’’ කල්පනා බරව සිටි ඇසිලින් ක්ෂණයකින් උන් හිටි තැන් අමතක වූ අයෙකු පරිද්දෙන් ගල් ගැසී බලා සිටින්නට වූයේ බමන මතින් කඩුල්ල ඉදිරියේ සිටින මද්දුමයා දැකීමෙනි. මීට හෝරා කිහිපයකට පෙර ඇයට කල යෝජනාවේ ප‍්‍රතිඵලයක් නිසාදෝ යක්ෂා වේෂයෙන් පැමිණෙන මද්දුමයා දුටු ඇගේ වේදනා බර දෙනෙත් නැවතත් උණු ක`දුලින් පිරෙන්නට විය.
‘‘උඹේ එකා අර අබ්බගාතයා විතරයි. උඹට කන්ඩ ටික උයලා දෙන මේ මද්දුමයාට උඹ බෑ කිව්වා , නේද අම්මේ.... බලපන්කො බලපන්කො .. මං මේකට ගිනි තියනවා යකෝ...   ගිනි තියනවා....’’
සිත පුරා ගිනි පුපුරක් මෙන් නැගෙන වේදනාව සිත තුළ ර`දවාගෙන ඇය නැවතත් ඈත වෙල් යාය දෙස බලමින් කල්පනා කරන්නට විය.
ටික දිනක් මේ ආකාරයට මද්දුමයා වෙරි මතින් පැමිණ බොහෝ දෑ කියමින් හ`ඩමින් කුණු හරපින් බැන වදින්නට පුරුදු වී සිටියේය. කෙසේ මුත් වයසට වඩා පෙනුමක් ඇති කෙස`ග ශරීරයත් සිත තුළ තෙරපෙන දුක වේදනාව නිසාත් ඇසිලින් හිටි හැටියේම ඔත්පල වී ඇ`දට වැටුණාය.
මද්දුමයා ඇතු`ඵ පවුල ඇසිලින්ගේ නිවසෙහි තාවකාලික හිමිකරුවන් ලෙස සිටි නිසා ඇයට අවැසි කෑම හා ජයසිරිට අවැසි කෑම වෙලාවට නැතත් අවැසි තරමට නැතත් ලැබුණාය. කිසිදු බෙහෙතකුදු නොගෙන එකතැන් වූ ඇසිලින් හිටි හැටියේම අන්ත‍්‍රා වන්නේ ජයසිරි තවත් අසරණ කරමින් පමණක් නොව මද්දුමයාගේ සිත තුළ යම් බලාපොරොත්තුවක් ද එකතු කරමිනි. ගෙයක් ඉඩමක් ඔවුන් සතු කර ගැනීමේ අටියෙන් සිටි ඔවුන්ට තිබුණේ තවත් එක් අවශ්‍යතාවක් පමණි. එනම් අබ්බගාත සොයුරා ජයසිරිගේ මරණයයි. ඇසිලින්ගේ පුද සත්කාර සැලකිලි තිබූ විට නිරෝගී ශක්තිි සම්පන්නව සිටි ජයසිරි ද එකවරම අප‍්‍රාණික ලී ද`ඩුවක් මෙන් විය.
මද්දුමයා ඇතු`ඵ පවුල දැන් දැන් ඇසිලින්ගේ නිවසේ ජීවත් වූයේ තම සින්නක්කර නිවස මෙනි. නමුත් මොවුන් නොදන්නා රහසක් ද විය.
මෙලෙස ඇසිලින් අන්ත‍්‍රා වී සය මසක් ගිය තැන හදිසියේ ජයසිරිට නොදැනීම පණ ගොස් තිබුණි. අවම`ගුල් කටයුතු දිනයක් තුළ සිදුකොට ඇසිලි්ින්ගේ නිවස ම`ගුල් ගෙදරක් මෙන් හැඩගන්වන්නට සිතා සිටි මද්දුමයා කලබලයට පත් වන්නේ නගරයෙන් පැමිණ සැලෝන් මෝටර් රථය දැකීමෙනි. එයින් බැසගත් නොතාරිස් රාළහාමි ඇතු`ඵ ටයි කෝට් හැ`ද සිටි පිරිමි දෙතුන් දෙනෙකු පැල දෙසට පැමිණෙන අයුරු දුටු මද්දුමයාගේත් බිරි`දගේත් නෙත් තුළ කුතුහලයක් බ`දු බැල්මක් ඇ`දී තිබුණේය.
     

‘‘ මේ මහත්තයලා කවුරුද?...’’
‘‘ මේ ඇසිලින්ගේ කවුද?...’’
‘‘ මද්දුමයා, මහත්තයෝ....’’
‘‘ මීට අවුරුද්දකට විතර උඩදී ඇසිලින් මගේ කාර්යාලයට ඇවිදින් මේ ගොඩ මඩ ඉඩම් උන්දෑ නැති වුනාට පස්සේ බාල දරුවා ජයසිරිගේ නමට පවරනවා කියලා ලියමනක් දීලා ගියා...’’
‘‘ ඉතින් මහත්තයෝ මලයත් ඊයේ අන්ත‍්‍රා වුණා... දැන් මට තමා මේවා අයිති.. කියමින් හ`ඩ නගා සිනාවක් පල කළේය. ’’
‘‘ නෑ නෑ ජයසිරි ජීවත් වෙලා ඉන්නකල් ජයසිරිගෙ නමටත් උන්දෑ නැති වුණාට පස්සෙ හන්දියෙ ළමා නිවාසෙට  පවරන්ට කියලත් ඒකෙ ලියලා තිබුණා... මේන් තියනවා ඒ කඩදාසිය...’’
‘‘මොනවා ළමා නිවාසෙට....’’ කියමින් මද්දුමයා සිහිසුන් වී ඇද වැටෙන්නට විය..       
                          

No comments:

Post a Comment