කාලය අද රන් වලට වඩා වටී....
අතීත පැරැුණනන් විසින් කාලය රන් හා වටී ලෙස සදහන් කරනු ලැබුවද, අද වන විට එම කියමන වෙනස් වී තිබේ. එනම් අද සමාජයට ගැලපෙනම කියමන කාලය රන් වලට වඩා වටී යන්නයි.
අප උපන්දා සිට කාලය ගත කරමින් මේ දක්වා පැමිණ මේ මොහොතේත් කාලය වැය කරමින් සිටී. ජීවිතේ ආරම්භයේ සිටම කාලය ජීවිතේට වැදගත් බව අපි දනිමු. සමාජයේ ජීවත්වන පුද්ගලයා කාලය නිසි අයුරින් කලමණාකරනය කිරීම අද අත්‍යාවශ්‍යය සාධකයකි. තාක්ෂණික පරිසරයක් තුළ ජීවත් වන මිනිසාගේ අරමුණ, අවශ්‍යතාවන්ද කාර්මීකරණය වී අවසන්ය. ඒ අනුව මිනිසාගේ දෛනික ජීවිතය අවශ්‍යතා හා ක්‍රියා පිළිවෙත්හි විපරිත බවක් නිර්මාණය වී තිබේ. මෙය මිනිසාගේ රන් වලටත් වඩා වටිනා කාලයට බලපෑම් කරයි.
’මේ තියෙන වැඩ කන්දරාවට පැය 24ත් මදී ’

එසේනම් කළ යුත්තේ සමාජ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නිවැරිදි කාල කළමනාකරණය කිරීම , වෙලාවට වැඩ කිරීම . නියමිත වැඩ කොටස් නියමිත වෙලාවට සිදු කිරීම ආදී සුලු ක්‍රියාවන් කිහිපයක් පමණි.
ආයතනික වශයෙන් වැඩ කටයුතු කිරීමේදී විශේෂයෙන් මහජනයා සමග කටයුතු කිරීමේදී කාලය පිළිබද පවතින නොසැලකිලිමත් කම නිසිම මහජනයාට සිදු වන අපහසුතාව කාලය වැය වීම පිළිබද මා අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ. එපමණක් නොව මෙවර උසස් පෙළ විභාගයේ ආරම්භක දිනෙයේදී ඒ දරුවන්ට විභාග ආරම්ක වේලාවේ සිදු වු අපහසුතාව නිසා කෙතරම් මානසික පීඩනයක් ඔවුන් තුළ ඇති වන්නට ඇත්ද? එයද කාලය පිළිබද පැවැති නොසැලකිලිමත් කම නිසා නොවෙිද? මේවා අද නුතනයේ සිදු නොවිය යුතු දේවල් නොවේද? මන්ද අප සැවෙම කාලය සමග සටන් කරමින් ජීවිත සටනේ නිරත වන හෙයිනි.
Nilakshi Kadigawa.
Api nokara de thama oka.
ReplyDelete
ReplyDeleteඉරට යටින් සදට යටින් කාලය පැන යනවා..
kaalaya mewwa wenasaka arume.....
ReplyDelete