
මට පාටක් නෑ. නමුත් මට ජාතියක් ආගමක් වගේම සංස්කෘතියක් තියනවා. ඒ වගේම ගුණයහපත්කම් වගේම හැදියාවකුත් තියෙනවා. මම හිතනවා ශ්‍රී ලාංකිකයන් විදියට අපි හැමෝටම අවේණිකයි කියන සමාජ රටාවක් සංස්කෘතියක දේවල් තියෙනවා කියලා. ලෝක සනාතන ධර්මතාවට අනුව ජීවිතයේ අවස්ථාවන් විවිධයි. හය හතර නොතේරෙන ලෙස ඉපදෙන අපිට ගමන් කරන්න සමාජ රටාවක් තියෙනවා.. ඒ ඒ අවස්ථාවන් නැත්නම් ජීවිතේ විවිධ අවධීන් වලදි ඉටු කරන්නට යුතුකම් ප්‍රමාණයක්ද තියෙනවා.
ඊයේ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ අවසාන දවස. මේ පාද යාත්‍රාව ගැන විකාශය කරන එක්තරා නාළිකාවක් රාත්‍රී 10 ප්රවෘත්ති විකාශනයෙහි බාලවයස්කාර කුඩා දරුවකු තද නිල් පැහැ ටී-ෂර්ට් එකක් ද ඇ`ද කෑගහන දර්ශනයතක් තිබුණා මෙන්න මෙහෙම .....
රට බේරාගත් අප්පච්චීට ජය වේවා
ආප්පයා අපට එපා
ආප්ප හොරා අපට එපා......
මම ටිකක් මේක ගැන කල්පනා කළා මේ වෙන්නේ මොකද්ද කියල. ඒ ළමයට අවුරුදු 12ක් විතර ඇති උපරිම.මේ ළමයා කියන දේවල් වලට අපේ රටේ ඉන්න පුත්තලං බූරුවෝ ඒ කිව්වේ ඒ වෙලාවේ එතන හිටපු වැඩිහිටියෝ ටික දෙන සප් එක කියලා වැඩක්. ළමයා තව තවත් ෆෝම් කර කර... ඒ මදිවට ඒ ළමයා කරපු යහපත් ක්‍රියාවට අලි බඩ තඩියෙක් ඇවිදින් කොල්ලව ඉඹිනවා. ටිකක් කල්පනා කරල බලන්න මේ වුණ දේ විය යුත්තක්ද කියලා. දෙමව්පියන්ට වැඩිහිටියන් විදියට ඡන්දය පාවිචිචි කරන තියෙන බල තල එක්ක තමාගේ කැමැත්ත ඉදිපත් කරන්න පුලූවන් . ඒත් තවමත් හයක් හතරක් නොතේරෙන පොඩි එකෙක් දේශපාලන අතකොලූවක් විදියට සමාජයේ උපහායට ලක් වන කෙනෙක් විම කෙතරම් සාධාරණද?
ඇත්තෙන්ම මට මෙහි ජාතිය ආගම පාට පක්ෂ වලින් මෙලෝ වැඩක් නෑ. මට අදාලත් නෑ. ඒත් මට අදාල එකම දේ තාමත් කටේ කිරි සුව`දවත් ගියපු නැති නොදරුවන් දේශපාලන අතකොලූ ලෙස භාවිතයට ගැනීමට තරම් රටේ අනාගත ආරක්ෂා කළ යුතු නිර්මාපකයන් මෙතරම් කුජීතද යන්නයි. මේ විදියට කුඩා දරුවන්ටත් දේශපාලනය කරන්නට එළි පිටම ඉඩ දෙන්නේ නම් ලාංකික පුරවැසියන්ට තම ඡන්දය ලබා දෙන්න නියමිත වයසක් දුන්නේ මෙන මගුලටද? දැන් අධ්‍යපනය ලැබිය යුතු කාලයේත් දරුවන් තුළ මෝදු වන්නේ දේශපාලනය නම් අධ්‍යාපනයක් මොකටද? මේ රටේ අනාගතය ගැන විශාල ගැටලූවක්?
මෙහිදී මේ දරුවගේ දෙමව්පියන්ගේයි සම්පූර්ණ වැරුද්ද. ඉගෙන ගන්න තියෙන කාලේ මේ දේශපාලන කෙමෙල්මල් වලට දරුවන් රැගෙන ඒම. ඒවාට දරුවන් පොළඹවීම සම්පූර්ණ වැරදියි. එක අතකින් අද මාධ්‍ය මගින් දරුවන්ට ලබා දෙන්නේ හොද දේවල් නෙමෙයි. ලංකාවේ සෑම මාධ්‍යකම වැදගත්ම ප්රවෘත්ති බවට පත් වෙලා තියෙන්නේ දේශපාලනය. දරුවෙක්ට කිසිදු මාධ්‍යයකින් අධ්යයපනික වශයෙන් වැදගත් වන කිසිම දෙයක් නෑ. ඔවුන්ගේ මොල දැන් ඉදන්ම දේශපාලනයෙන් පිරිල ඉවරයි. මේ රටේ අනාගතයේ විනාශය මිසික වෙන මොකක්ද. ??????????????
A ape rate deshapalanei...
ReplyDeleteමේ රටේ දේශපාලනය තුළින් ඉටුවිය යුතු දේ හරියට වෙනව නම් රටේ අනාගත පරපුරත් හරියට ගොඩනැගෙයි මේ රටේ මොලයක් තියෙන මිනිස්සු ඔය වගේ දේවල් වලට දරුවන් යොමු කර ගන්නවා නම් ඔවුන් ගැන හැමෝම හොදහැටි තේරුම් ගනි
ReplyDeleteGood idea dr..
ReplyDeleteBoho denekuge awadanaya yomu wiya yuthu karanayak...
ReplyDeleteapima yawana unne oya
ReplyDeleteMeyath lamaa apacharayk.daruwan warade yedawima
ReplyDelete